ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ කැඳවන ලද ලංසු හතක් ඇගයීමෙන් අනතුරුව, සාරානුකූලව ප්රතිචාරාත්මක අවම ලංසුකරු වන Diesel and Motor Engineering PLC වෙතින් මෙම රථ මිලදී ගැනීමට තීරණය කර ඇත.
TATA YODHA PICKUP වර්ගයේ එක් සිංගල් කැබ් රථයක් එකතු කළ අගය මත බදු රහිතව රුපියල් 4,785,000ක මිලකට මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.