සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව
අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.
ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර ප්රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු
සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
අදාළ ප්රාදේශීය සභාවේ බලතල ක්රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත්කිරීමට ද පියවර ගෙන ඇත.
ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සභිකයින් ප්රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර ඇත.