ගම්මන්පිල මංගලගෙන් මිලියන 500ක් ඉල්ලයි
තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අද (07දා) නුගේගොඩ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
"මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාළුගෙයි වළං බිඳින්නේ නැතුව මා සමග විවාදයකට පැමිණෙන මෙන් ඇමෙරිකානු ඒජන්තයන් ලෙස කටයුතු කරමින්, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ කුණු හෝදන ලොන්ඩරි බවට පත්වෙලා සිටින මංගල සමරවීර ඇමතිතුමාටත් පා.ච. රණවක ඇමතිතුමාටත් අභියෝග කළා. තමන් කරන්නේ ඇමෙරිකානු කොන්ත්‍රාත් එකක් නොවේ නම් තමන් පෙනී සිටින්නේ සත්‍යය සහ රට වෙනුවෙන් නම් විවාදයකට එන්නේ නැත්තේ ඇයි?
ඊයේ මංගල සමරවීර ඇමතිතුමා නම් මාධ්‍ය හමුවක මට පිළිතුරක් දෙනවා මම දැක්කා. එතුමා කියනවා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා, වනචරයෙක් නිසා මාත් එක්ක විවාද කරන්නේ නැතිලු. මම පිටරටක කිසිම වංචාවක් කරලාත් නෑ, කළ බවට බොරු චෝදනාවක්වත් නැහැ. කිසිම වනචරකමක් ගැන හතුරෙක්වත් චෝදනා නගලා නැහැ.
මට 1997දී මෙරට දී විදේශිකයෙකු ලබා දුන් ඇටර්නි බලපත්‍රයක් පසුව ඔහු විසින් ලබා නොදුන් බවට 2015 දී, ඒ කියන්නේ වසර 18කට පසු පොලීසියට පැමිණිල්ලක් කළා. ඒ විදේශිකයා ශ්‍රී ලංකාවේ උසාවියට පමණක් නොව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් බොරු කියලා හසුවුණු පුද්ගලයෙකු බව අධිකරණයේදී ඔප්පු වුණා.
තමන් මේ නඩුවේදී ද බොරු කියූ බව උසාවියේදී පිළිගත්තා. කරුණාකර කොළඹ මහාධිකරණයේ 8394/2016 නඩුවේ වාර්තාව අරගෙන කියවන්න. එවිට ඕනෑම කෙනෙකුට සත්‍ය වැටහෙනවා.
මා වංචනිකයෙකු වූ බවට, වනචරයෙකු වූ බවට පදනම් විරහිත චෝදනා නැගූ මංගල සමරවීර මැතිතුමා මගේ කීර්තිනාමයට කළ හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවනවා. අනිත් අය වගේ මම එන්තරවාසි යවලා නිකන් ඉන්නේ නෑ. අනිවාර්යයෙන්ම නඩු පවරනවා. එසේ පැවරූ නඩුවලින් මට වන්දි ගෙවීමට නියම වෙලත් තියෙනවා."
popular news
-
Nandana Thursday, 07 November 2019 08:57 PM
කීර්ති නාමයක් තියෙන් කෙනෙක් කිව්වත් කමක් නෑ.
Reply : 0 0
කීර්ති නාමයක්ද? Friday, 08 November 2019 05:04 AM
රටේ නමත් අපකීර්තියට පත් කරමින් ඔස්ට්රේලියනුවගේ කොටස් වංචා කර එසේ නොකළ බවට පුන පුනා සපත කරමින් සිට නඩුවේදී තම එසේ කල බවත් සල්ලි වලට උනේ මොකක්ද මතක නැති බවත් කියා දිවුරුම් පෙස්සමක් උසාවියට දුන් මේ වගේ එකෙකුට මොන කීර්ති නාමයක්ද???? මුන් වන්නන් පක්ෂ දේශපාලනයේ කොහේ සිටියද ප්‍රතික්ෂේප කල යුතුය. ගෝඨාභය මහතා ගේ ප්රකාශනයේ ඇති ප්‍රතිපත්ති හා මොහු වන්නන් කෙසේ ගැලපේ ද? මොහු වන්නන් ඉන්න කල අපේක්ෂකයන් ගේ පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රකාශන ගැනද ඇති වන්නේ වක සංකා ම පමණි. මෙවන්න කු පෙරටුකරගෙන නොම දුෂණයෙන් තොර වියාපාරයක් කල හැකිද? මෙම තත්වය ප්‍රදාන දහර දෙකටම පොදුය.
Reply : 0 0
rocky Friday, 08 November 2019 06:52 AM
කීර්ති නාමයක්? ඔබට? අර ඕස්ට්‍රේලියන් කාරයාගේ කේස් එක හින්දා ඔහෙට තියෙන්නේ අපකීර්තිමත නාමයක්නො වේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

