රාජ්‍ය සේවක වැටුප් වැඩිවන විට පුද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවන වැඩපිළිවෙලක් ඉදිරි රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (07දා) රත්නපුරයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
බුලත් විට විකුනන පුද්ගලයාගේ සිට සෑම ස්ථරයකම ජනතාවගේ ආර්ථීකය ඉහළ නංවන ආර්ථික වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදි පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා භාරදුන් වගකිම් නිසි අයුරින් ඉටුකළ පුද්ගලයෙක් බැවින් ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දෙන සියලු පොරොන්දු ඉටුකරන බව විශ්වාසය තැබිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ කම්කරු ජනතාවට රුපියල් 1500ක් දෙන බව වේදිකාවේ සඳහන් කළත්, ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් ව ඇත්තේ රුපියල් 1000ක් දෙන බව යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Kumar Thursday, 07 November 2019 09:44 PM
වැටුප් වැඩි කෙරුවට වැඩක් තිබෙනවද. රුපියල බල්දුවෙන නිසයි රටේ තිබෙන දුෂණ නිසා මුදල්වල වටිනාකම් හොඳට බැහැල. මම ලංකාවේ ඉන්න කලේ රුපියල් 100ක් අරගෙන පොලට ගොසින් මලු කිහිපයක් පිරෙන්න බඩු ගෙන්නෙන පුළුවන්. දැන් මුදල් මල්ලක් අරගෙන යන්න ඕනෙ පොලට යනවනම්.
Reply : 0 0
සකලබුජං Friday, 08 November 2019 06:38 AM
ඔහේ කියන්න දින කීපයකට කලින් සජිත් උන්නැහේත් ඕකම කිව්වා ආයිබෝන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

