වීඩියෝ පටයක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්
ජනාධිපති අපේක්ෂක ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හෝ වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඔහුගේ දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස සඳහන් කරන ව්‍යාජ වීඩියෝ පටයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් සකස් කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
අද (07දා) පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ලව්වා දැන් සැලසුමක් තිබෙනවා දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න කියලා කියවගන්න. අපි ඕනෑ කමින් කියනවා විශේෂයෙන්ම සහරාන්ගේ අන්තවාදයට කිරිපොව්ව කිසිම අන්තවාදියෙකුගෙන් අපි මනාපය බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඔවුන්ගේ දෙවැනි මනාපයවත් පළමු මනාපයවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නෑ. ඉදිරිකාරයේදී යම් කිසි සැලසුමට අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා හරි වෙනත් දේශපාලඥයෙකු හරි ඔවුන්ගේ ස්වරූපය තියෙන කෙනෙක් හරි භාවිත කරලා දෙවැනි මනාපය හෝ ඡන්දය දෙන්න කියලා වීඩියෝ පටයක් එළියට ආවොත් ඒක අපේ වුවමනාවට සිදුවෙන දෙයක් නෙමයි. ඒක විශ්වාස කරන්න එපා.
දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්න තීරණය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියනවා තම ඉල්ලීම් 13 ඉටු නොකළොත් ජනතාව පෙළ ගස්සනවා කියනවා. ඉදිරි සතියේදී විවිධ කුමන්ත්‍රණ කරයි. එ්වට රැවටෙන්න එපා.”

popular news
-
Dayan Friday, 08 November 2019 04:49 PM
කවුරු කිව්වත් හිස්බුල්ලා ගොටාබයගේ උදව්වට දාල තියෙන එක ඕනෑම් හරකෙක් නොවෙන අයෙකුට තේරෙනවා.
Reply : 0 0
Champa Friday, 08 November 2019 05:33 PM
වීඩියෝ පට ගැන නම් ඔච්චර හිතන්න දෙයක් නැහැ. ජනතාව තීරණ කරයි ඒවා ඇත්තද බොරුද කියල. හැබැයි මංගල මේ අන්තිම මොහොතේ ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කිරීම ගැන කතා කරපු එක සැකසහිතයි. NGOකාරයෝ දාපු නඩුවේදී ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය ගැන උසාවිය තීන්දුවක් දුන්නේ නැහැ. කිව්වේ මට මතක විදිහට ඒ නඩුව හින්ද SLPP අපේක්ෂකයාට අගතියක් වෙනවා කියලා. නමුත් ජනාධිපති වුනාට පස්සේ ඔහුට තමන් ඇමරිකන් පුරවැසිභාවය නාමයෝජනා දිනයට පෙර ඉවත් කරගත් බවට දාතම සහිත සහතිකය ඉදිරිපත් කරන්න කියල නඩුවක් දැම්මොත් එහෙම කරන්න වෙනවා. ඔක්තෝබර් මුල සතියේ නාමයෝජනා දෙන දවස්වල මට නිකම් හිතුන 16 චන්දෙ තියන එකක් නැහැ ඒක ජනවාරි අග හෝ පෙබරවාරි මුලට් යයි, නාම යෝජනාත් අලුතින් කැඳවයි කියල. මම මේක CT එකටයි අද එකටයි ලිව්වා. හැබැයි එහෙම හිතුනේ මොකොද හරියට දන්නේ නැති වුනත් මම හිතුව හොර චන්ද දාල සජිත් දිනවයි කලබල ඇති වෙයි, නැත්නම් නඩු වැටෙයි කියලා. හැබැයි මංගලගේ කතාවෙන් තේරෙන්නේ දිනන්න දීල දිනුවට පස්සේ අයින් කරනවා වගේ වැඩක්. ඒ හින්ද eventualities වලට ලැස්ති වෙන්න. මම හිතනවා UNP එක සතුටු වුනා ගෝඨාභය දැම්මට. ඔවුන් මම හිතන්නේ සැලසුමක් හදාගෙන හිටි
Reply : 0 0
Wimal Saturday, 09 November 2019 06:27 AM
හරමානිස් රචිස්ම් genawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

