රුවන්වැලි මහා සෑයට නව චූඩාමාණික්‍ය පැළඳවීම 25 දා
අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
මෙම චූඩාමාණිකය එළැඹෙන 18දා, 19 දා හා 20 දා කොළඹ බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවේදී මහජනතාවගේ වන්දමානයට තබා තිබෙන බවත් උන් වහන්සේ සඳහන් කරති.
21 දා චූඩා මාණික්‍ය අනුරාධපුය දක්වා වැඩමකරවීමෙන් අනතුරුව නැවතත් 23 ද සිට 25 දා දක්වා රුවන්වැලි සෑ භූමියේ විශේෂ කුටියක තැන්පත් කර මහජනතාවගේ වන්දනාමානයට අවස්ථාව ලබාදීමට නියමිතය.
මෙය මෙම ශතවර්ශයේදී ශ්‍රී ලංකාවේ සිදුවන ඉහළම පුණ්‍ය කර්මය බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

popular news
-
Champa Thursday, 07 November 2019 09:33 PM
අලුත් චූඩා මාණික්‍යය වීදුරු. පලිඟු නෙමෙයි. Swarovski කරන්නේ වීදුරු එක්තරා රසායන ක්‍රියාමාර්ගයක් හරහා දියමන්තියක් වගේ දිලිසෙන විදිහට පැතිකඩවල් හදන එක. අනිත් එක ඒ ගොල්ලොම කියනවා දිලිසීම ගන්නේ ද්‍රාව්‍ය රසායනයක් යෙදීමෙන් කියල. රුවන්මැලිසෑයට තියෙන බෞද්ධයන්ගේ භක්තිය නැති කරන්න විදේශිකයන් අටවපු උගුලකට අහු වුන. දුර්ලභ මැණික් වලට තුන් ලෝකෙම ප්‍රසිද්ධ ලංකාව අද පිටරට සමාගමකින් වීදුරු කෑල්ලක් අරගෙන ඒකට වන්දනාමාන කරන්න කියල මිනිස්සුන්ට කියනවා. මම බලා ඉන්නේ මේ හදිසියේ මේක හැදුවේ කා වෙනුවෙන්ද කියල.
Reply : 0 0
ලසන්ත Friday, 08 November 2019 06:35 AM
අනුරාධපුරයට යාම දුරනිසා කොළඹට යාමට සිටියත් 18 දිනයේත් ජනපතිවරණ උණුසුම නිසා 18 දින යාමට නොහැක.මෙය වන්දනාකර ගැනීමට අවස්ථාවක් උදාකර ගැනනීමට හැකිවේදැයි සිතිය නොහැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

