saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9680 hours ago

LATEST

ආබාධිත රණවිරුවෝ අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසෙයි

calendar_today 2019 සැප් 16 - 20:51 remove_red_eye - 501  

ආබාධිත රණවිරුවන්ට හා දිවි පිදූ රණවිරුවන්ට ලබාදෙන වැටුප් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා දිවි පිදූ හා ආබාධිත රණවිරු සංගමය සඳහන් කරයි.

නඩුකාරතුමන්ලාට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෛද්‍යවරුන්ට වගේ හැන්දෑවට චැනල් එකට යන්න බැහැ පුද්ගලිකව පෙනී ඉදලා ආදායම් මාර්ග ඒ ගොල්ලන්ට නැහැ කියලා වෛද්‍යවරුන්ට අමතක වෙලා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

සැප්තැම්බර් 27 දා පාකිස්තානයේදී ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තක්සේරු කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

මහ බැංකු බැදුම්කර නඩුවේ පළමු සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16දා) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

නෙලුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක අත්කාරම් මුදලක් චීනයේ සමාගමකට ගෙවා තිබුණ බවට සඳහන් වුවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව ජනපතිවරයා පැවැසීය.

Read More

දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.

Read More

මෙතෙක් දුරට කෙරුණු සමීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව. දේශපාලන තලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දෙන්නේ නැතිව විවිධ මිත්‍යාවන් බොරු ගොතලා නැති නීති ප‍්‍රශ්න නිර්මාණය කරලා තිබෙනවා.

Read More

ප්‍රජාත්‍රන්තවාදි කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන්ගෙන් තෝරා ගෙන පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බව මහාමාර්ග අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

Read More

අද දවසේ අපේ පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, ඉතාමත් ඉක්මනිනින් එක්සත් ජතාකි පක්ෂයේ,පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කරන්න කියලා.

Read More

මෙහි ඉදිකර ඇති ඇති සමස්ථ නිවාස ප‍්‍රමාණය 830 කි. අදාළ නිවාස වෙතින් නිවාස 688 ක් මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි මිළකට ලබාදී ඇති අතර, ඉතිරි නිවාස 142 වඩාත් පහසුකම්වලින් සමන්විත නව නිවාස ලෙසින් ඉදිවි තිබේ.

Read More

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

Read More

රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනෙක් ආගම් වලට ගෞරවය දෙන්න තම රජය බැදි සිටින බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත්ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගියදා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පරා තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.

Read More

(UPDATE) වර්තමාන රජයේ දූෂණ හා අක්‍රමිතා සෙවීම සඳහා පත්කළ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිෂම හමුවට පැමිණියේය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More

‍ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.

Read More

හංවැල්ල ප්‍ර දේශයේ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවිමට අදාළ සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා එකඟතාවක් නැතිනම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?

Read More

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

Read More

නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

Read More

දකුණු ආසියාවේ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

පක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා

Read More

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.