කවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුට
කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.
මියගොස් ඇත්තේ කාරියවසම් ලොකුගමගේ එසදි අයන්සා නැමති ඔඹරහෙනගෙදර, අතුලවිල හොරන්ගල්ල තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසිමරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනු ලැබිය.

popular news
-
Kumar Sunday, 09 February 2020 08:53 PM
මොනම කෙනෙක්වත තම උගුරේ යමක් සිරවීමෙන් ජිවිතක්ෂයට පත් වෙන්න අවශ්‍ය නැහැ. මේ රටේ වැඩිහිට්යන් සහ 2,3 වසරේ දරුවන්ටත් හය්ම්ලික් ක්‍රමයෙන් යමක් උගුරේ සිර වුන අවස්ථාවකදී ජීවිතය බේරගන්න හැටි උගන්වනවා. දැන් වසරකට පෙර පාසලක තුන්වෙනි පන්තියේ දරුවෙකුට යමක් සිර වුන අවස්ථාවක ඒ ළඟ සිටි හතරවන පන්තියේ දරුවෙක් ඉහත ක්‍රමයට අනෙක් දරුවාගේ ජිවිතය් බෙරා ගත්තා. හතරවන පන්තියේ දරුවාගේ පිය ඔහුට මේ ක්‍රමය උගන් වල තිබුන නිසා අනෙක් දරුවාගේ ජීවිතය බේරුනා. ලංකාවේ ඉන්න වැඩි දෙනාට මේ සරල ක්‍රමය ඉඳගෙන ගන්න පුළුවනි. මේක ලියු නිසා මාරයා මගෙත් එක්ක තරහ වෙන්නත් ඉඩ තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

