ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා
වසර 12 කට පසු ඒෆ්. ඒ කුසලානය තමන් සතු කර ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තියුනු තරගයකින් පසු පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය. ඒ අනුව තරගයේ ජයග්රාහකයා දඩුවම් පහර මගින් තීරණය කිරීමට විනිසුරුවන් ක්රියා කළ අතර එහිදී දඩුවම් පහර 6-5 ක් ලෙසින් ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය. ශ්රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන එෆ්. ඒ කුසලානය, පොලිස් කණ්ඩායම විසින් මීට පෙර අවසන් වරට ජය ගත්තේ 2008 වර්ෂයේදීය. කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ශූරතා ප්රමාණයකට(17) හිමිකම් කියනා සෝන්ඩර්ස් කණ්ඩායම අනුශුරතාව දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවටය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මෝටර් රථ සඳහා සැඟවුණ දොර හැන්ඩ්ල් චීනය තහනම් කරයි
පිහිනුම් තටාකයේ විනෝද වූ පුද්ගලයෙක් දියේ ගිලී මරුට
ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ඇමෙරිකාව සමග ඉන්දියාව තීරුබදු ගැන එකඟතාවට එයි, රුසියා තෙල් මිලදි ගැනීම නවතියි
නාමල්ට දින කිහිපයක් දුන්නනම් පහසු වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd