බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා අද (07දා) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේය
ඒ කොළඹ 01, චැතැම් වීදියේ අංක 17 දරණ ස්ථානයේ ස්ථාපිත බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ දී ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ පරමාර්ථය සාක්ෂාත් කරගනු වස් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ස්ථාපනය කෙරිණි.
බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
