ඉදිරි මහමැතිවරණයේ දි ශ්‍රී.ල.නි. පක්ෂය වෙනම තරග කිරීම සඳහා තින්දුකළහොත් ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වී මහින්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්වන බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඊයේ (08දා) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
“ශ්‍රී.ල.නි.පක්ෂය අපිව දමලා යනවානම් මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවන බලාපොරොත්තුවෙනවා. පක්ෂයක් හැටියට අවබෝධතා ගිවිසුම් ගහලා තීන්දු අරගෙන තියෙනවා. අපි පසුගිය ජනාධිපතිවරණයේ දී එකට එකතු වෙලා ඉල්ලුවේ. එහි අවබෝධතා ගිවිසුමක් තියනවා. සලකුණ මොකක් ද කියන එක ලොකු වැදගත් කමක් නෑ. පොහොට්ටුව කියන්නේ දැන් ජනතාවට කා වැදුනු ලකුණක් . අනිත් එක කවුරු මොනවා කිව්වත් අද රටේ ප්‍රධානතම ජනතාව පිළිගන්න පක්ෂය පොහොට්ටුව.
මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ පොහොට්ටුවෙන් ඉල්ලුවා කියලා. මොනවා වුණත් ශ්රීලනිපය වෙනම ඉදිරියේ දී ඡන්දයට යන්න සුදානමක් ඇත්නම් මට ඒකට ආයුබෝවන් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සෙවනට යන්න වෙනවා.
අපිට එකතුවෙලා ඉල්ලුවොත් ගාල්ලෙන් ආසන 08 ක් ලැබෙනවා. වෙන් වුණොත් ලැබෙන්නේ ආසන 07 පොදුජන පෙරමුණට. ඉතින් මේ තත්වයන් සලකා බලලා හොඳ තීන්දුවක් ගනීවි කියලා විශ්වාස කරනවා.”