saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9181 hours ago

LATEST

හක්මණ අනතුරින් මියගිය පොලිස් නිලධාරියාගේ තනතුර උසස් කෙරේ

calendar_today 2020 ජුලි 15 - 18:41 remove_red_eye - 399  

හක්මණ පොලිස් වසමේ කෝංගල මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ටිපර් රථ රියදුරෙකු විසින් හප්පා පළා යෑමේ සිද්ධියෙන් එක් නිලධාරියෙකු මිය ගොස් තවත් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබිය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බවට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 ඉක්මවා තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කොවිඩ් 19 ඊයේ (14) දින ආසාදනය වී ඇති බවට සනාථ විමත් සමග ඔහු ආහාර ලබා ගත් හිගුරක්ගොඩ ආපනශාලාවක් ඇතුළු කදුරුවෙල සහ හිගුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමිමට කටයුතු කල බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවසුවාය.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන්වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම නියම කළේය.

Read More

මහ මැතිවරණය කල් දැමීම නොකළ යුත්තක් බවත් දැන් තියෙන තත්ත්වය අනුව කළ යුත්තේ අගෝස්තු පහට කලින් මැතිවරණය තියන්න පුලුවන් කියලා හොයා බැලීම බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජාතික සංවිධායක හා එම පක්ෂයෙන් ගාලු දිසාවට මෙවර මහ මැතිවරණයේදි තරග වදින සජින් වාස් අද (15 ) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය .

Read More

2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට දැවැන්ත සහනයක් ලබාදීමට රජය තීරණය කරන ලදැයි විදුලිබල බලශක්ති සහ ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) දින ප්‍රකාශ කළේය.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ලංකාවේ ප්‍රථම වතාවට නවීන තාක්ෂනය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්ෂනය භාවිතා කරමින් ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුකොලපැලැස්ස එරමිණියාය පුහුහුණු මධ්‍යස්ථාන භුමියේ කෘෂි කාර්මික භිජ රෝපණය කිරීමේ වැඩ සටහනක් 15 වනදා පෙරවරුවේදී පැවැත්විණි.

Read More

මුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත්කර තිබේ.

Read More

මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු - තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුර වෙත පවසා සිටියේය.

Read More

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වෙලා තිබෙනවා.ඒ බව අපට ලැබුණු ලොකුම සාක්ෂිය තමයි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම.තැපැල් ඡන්ද ප්‍රකාශ කරපු රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් අපටත් අපේ පොජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයටත් දුරකතනයෙන් කතා කර ඔවුන්ගේ ඡන්දය අපට දුන් බව පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

කන්දකාඩුව මධ්‍යස්ථානයට සම්බන්ධ පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලදාරියෙකුට කොව්ඩ්19 ආසාද වී ඇති බවට ඊයේ ජූනි දාහතර(14) හඳුනාගැනීමෙන් අනතුරුව පසුගිය ජූලි 05 දින ඔහු සහ බිරිඳ ආහාර පාන ලබා ගත් හොරණ නගරයේ සුදේරිස් සිල්වා මාවතේ අවන්හලක් අද (15)දින තාවකාලිකව වසා දමා එහි දී ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළ එම අවන්හලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු කළ බැව් හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අන

Read More

මැතිවරණ කාලසිමාවේදි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කර තිබේ.

Read More

හක්මන කෝන්ගල 13 කණුව මාර්ග බාධකයේදි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියෙකු යටකර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදු කර පළාගිය ටිපර් රථයේ රියදුරු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

2020 මහ මැතිවරණයේදී කොරෝණා අවධානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4 ත් 5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කල හැකි බවට මැතිරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

Read More

සමගි ජනබලවේගයේ රජයක් තුල කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කිරීමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

අපි පොහොට්ටුව හැදුවේ ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ එජාපයත් එක්ක මුක්කු ගහපු නිසායි. ඒ නිසා අපි වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිසේත්ම පොදුජන පෙරමුණ අත්හරින්නේ නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

Read More

කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.

Read More

තංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ.

Read More

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.

Read More

සබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (14) සඳහන් කළේය.

Read More

සියලු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (15) දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More

කන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.

Read More

නව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.

Read More

ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.