මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් අතුරින් වැඩි දෙනෙකු එරට සංචාරක හෝටල් වල රැකියා කළ ශ්රී ලාංකිකයන් පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .
මෙම ශ්රී ලාංකිකයන් පිරිස අද දින පස්වරු 3.10 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්රී ලාංකිකයන් පිරිස පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .
