සමගි ජනබලවේගයේ රජයක් තුල කුඩා තේ කර්මාන්තය ශක්තිමත් කොට එහි නිෂ්පාදනය වැඩි කිරීමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොත්මලේ මල්හෑව ප්‍රදේශයේදී අද (15) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
“කොත්මලේ ප්‍රදේශයේ එළවළු වගාව ක්‍රියාත්මකයි. ඒ වගේම කිතුල් කර්මාන්තය ක්‍රියාත්මකයි. ඒ වගේම සුළු අපනයන වගාව ක්‍රියාත්මකයි. මෙම භෝගයන් සඳහා අපි වෙනම ජාතික වැඩසටහනක් හදනවා. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කයේ වගාවේ නිතර ගොවි ජනතාවට ශීතාගාර පහසුකම් ලබා දී තමන්ගේ නිෂ්පාදන කල් තබා ගැනීමේ පහසුකම් අපි ක්‍රියාත්මක කරනවා.
අපි දැක්කා පසුගිය කාලවකවානුව තුල කුඩා තේවතු හිමියන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලක්. පසුගිය කාලයේ වැඩි සැලකිල්ලක් කුඩා තේවතු ව්‍යාපාරයට ලැබුණේ නැහැ. නමුත් අපි අදහස් කරනවා විශේෂයෙන්ම තේ කර්මාන්තයේ නියලී සිටින සියලුම කොට්ඨාස, සියලුම ප්‍රජාවට මීටත් වැඩි දිරියක් මෙන්ම ආධාර උපකාර ලබා දෙන්න. ඒ වගේම තාක්ෂණ දැනුම ලබාදීලා ඒ වගේම රාජ්‍ය සහයෝගය තුල අප රටේ තේ කර්මාන්ත කේෂ්ත්‍රය ශක්තිමත් කොට නිෂ්පාදනය වැඩි කරන්නට කටයුතු කරනවා. අපේ රජයක් යටතේ කුඩා තේ වතු කේෂ්ත්‍රයට නව තාක්ෂණ දැනුම ලබාදී නිෂ්පාදනය වැඩි කිරීමට උපරිම පියවර ගන්නවා”.
