අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත්වෙලා තිබෙනවා.ඒ බව අපට ලැබුණු ලොකුම සාක්ෂිය තමයි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම.තැපැල් ඡන්ද ප්‍රකාශ කරපු රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් අපටත් අපේ පොජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයටත් දුරකතනයෙන් කතා කර ඔවුන්ගේ ඡන්දය අපට දුන් බව පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ඊයේ කළුතරදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදි රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද පැවසීය,
2015 අපේ හිටපු ජනාධිපතිතුමා පරාජය වී මේ වනවිට අවුරුදු 5ක් ගතවෙලා තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පසුගිය අතීතය වර්තමානය සහ අනාගතය පිළිබඳව සිත බලන්න කියලා. මේ රටේ ප්‍රධාන වශයෙන් පක්ෂ 3ක් තිබුනා. එකක් එක්සත් ජාතික පක්ෂය එකට අවුරුදු 60 පැනලා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එකටත් අවුරුදු 60 පැනලා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ. මම හිතන විදිහට ජනතා විමුක්ති පෙරමුණටත් අවුරුදු 50ක් විතර ඇති. මේ පක්ෂ තුනට අද ඇතිවෙලා තිබෙන තත්ත්වය බලන්න. ඩී.එස්.ලා ඩඩ්ලිලා හදපු ප්‍රබල පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අද සජිත් ප්‍රේමදාසයි, රනිල් වික්රමසිංහයි ඉවරෙටම ඉවර කරනවා. මේ අවුරුදු 5 ක හැරවුම් ලක්ෂය තුල එක්සත් ජාතික පක්ෂය රනිලුයි සජිතුයි ඉවරරෙටම ඉවර කරලා පොළවට සමතලා කරලා කරන දිනය තමයි එළඹෙන අගෝස්තු මාසේ 5 වෙනිදා. අලියා ලකුණෙන් ලංකාවේ අඩුම මන්ත්‍රී සංඛ්‍යාවක් අඩුම ප්‍රතිශතයක් ලබන මැතිවරණය බවට මෙම මැතිවරණය පත් වෙනවා. ඒ අලියාගෙන් කඩාගෙන ගිය දුරකථනයත් ඒ හා සමානවම අඩුම ප්‍රතිශතයක් ගන්නවා. ඒ පක්ෂය ලංකාවේ බෝඩ් ලෑල්ලට සීමාවූ පක්ෂයක් බවට පත් වෙනවා.
අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු අගමැති බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොළවට සමතලා කළා. තිත්ත වුනත් ඇත්ත ඒකයි. ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා අලියට හේත්තු කරලා අලියාගේ කරේ සීනුව ගැට ගහලා රෝහණ විජේවීර මහත්තයා හැදුව පක්ෂය අගෝස්තු 5 වෙනිදා පොළවට සමතලා වෙනවා. ඔවුන් පසුගිය ජනාධිපති වරණයේදී සියයට 3 යි .ඒ සියයට 3 පහල බැස්සම අනුර කුමාර දිසානායක වාර්තාවක් තියනවා ජේ වී පී එක පොළවට සමතලා කරලා.
දේශපාලන ඉතිහාස පොතේ ලියවෙනවා දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අයගේ නම. අද මේ පක්ෂ වල නායකයන් ජීවතුන් අතර නැහැ. අද ඒ අය වලෙන් නැගිටලා එනවා මේ අය මොනවාද තමන් හැදු පක්ෂයට කරන්නේ කියලා.
හැබැයි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තයා ,අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4 උපන්දිනය එන්නේ මේ අගෝස්තු මාසේ 1 වෙනිදාටයි. අපි අපේ 4 වන සංවත්සරය සමරනකොට අපේ පක්ෂය ජයග්‍රහණ 3 ක් ලබාගෙන තිබෙනවා. 2016 අපේ පක්ෂය ආරම්භ කරනවා. 2018 පළාත් පාලන මැතිවරණයේදී සියයට 85 ක් අපි ජයග්‍රහණය කරනවා. 2019 නොවම්බෙර් 16 මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ගොඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කරවනවා. ඊලඟට අගෝස්තු 5 වෙනිදට අපි මෙරටේ 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබා ගන්නවා. මේ ළදරු වයසේ පසුවෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් ශ්‍රී ලංකාවේ පවතී විශාලම පක්ෂ 3 ක් පොළවට සමතලා වෙනකොට මේ රටේ පමණක් නොව ආසියාවේම ප්‍රබල පක්ෂයක් විදිහට පත්වෙලා අවසන්. ඒ ජයග්‍රහණය අපි විජයග්රහණයක් බවට පත්කර ගන්නවා.
බන්දු තඹවිට
