කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කොවිඩ් 19 ඊයේ (14) දින ආසාදනය වී ඇති බවට සනාථ විමත් සමග ඔහු ආහාර ලබා ගත් හිගුරක්ගොඩ ආපනශාලාවක් ඇතුළු කදුරුවෙල සහ හිගුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමිමට කටයුතු කල බව හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවසුවාය.
හිගුරක්ගොඩ බස් නැවැතුම්පොළ ඉදිරිපිට ඇති ආපනශාලාවෙන් දින කිපයක් ආහාර ලබා ගෙන ඇති බවත් කදුරුවෙල සහ හිගුරක්ගොඩ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි ආයතන තුනකට මෙම යුද හමුදා නිලධාරියා ගොස් ඇති බැවින් එම ආපනශාලාවත් වෙළද ආයතන දෙකක් එහි සේවක සේවිකාවන් නිවාස තුල ස්වයං නිරෝධායනය කිරිමට කටයුතු කලා. ඊට අමතරව එහි වෙළදසැල් තුලට ගියපු අය පිළිබදව මේ වන විට සොයා බලා එම අයටත් නිවාස තුල ස්වයං නිරෝධායන කිරිමටත් ආපනශාලාව සහ වෙළද ආයතනයේ කාර්යමණ්ඩලය සේවිකාවන් පි.සි.ආර් පරික්ෂණ සදහා යොමු කිරිමට කටයුතු සිදු කරනවා යැයි හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
