මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බවට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙහි පෙත්සම්කරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන නඩුව සඳහා චෝදනා නඟා ඇති බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරු මඩුල්ල එම මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එලෙස ප්‍රතික්ෂේප කරන ලදී.ෙ
අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ සිසිර ද ආබෲ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බලන ලදී.
ගිරිතලේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ මේජර් එරන්ත පීරීස් සහ කෝප්රල් එස්.කේ. උළුගෙදර යන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කොට තිබිණි.
2009 අගොස්තු මස 02 වැනිදා තමන් ගිරිතලේ හමුදා කඳවුරේ සිට කොළඹ යුද හමුදා මුලස්ථානයට පැමිණියේ යුද හමුදා මුලස්ථානයේ තිබු ලිපි රැගෙන යෑමට බවත් තමන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑමේ සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නැතැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් දැනුම් දී තිබිණි.
වගඋත්තරකරුවන් වෙන්වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් 2009 අගොස්තු මස 02 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පසුපස හඹායෑම වෙනත් පිරිසකට පවරා පෙත්සම්කරුවන් අලුයම 2.00ට පමණ යළි ගිරිතලේ ගොස් ඇති බවට කරුණු හෙළි වුයේ යැයි පැවසීය.
මෙම පෙත්සම්කරුවන් ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට නීතිපතිවරයා විසින් හෝමාගම මහාධිකරණයේ නඩු පවරා ඇතැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සත්‍යයෙන් තොර බව යුද හමුදා මුලස්ථානයේ වාර්තා අනුව පැහැදිලි වන්නේ යැයිද කීය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.
