කොවිඩ් 19 වසංගත තත්ත්වය නැවතත් හිස එසවීම නිසා ඉදිරි දින කිහිපය තුළ පොදු ප්රවාහණය භාවිත කරන මගින් ප්‍රමාණය තවදුරටත් අඩු විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එමනිසා පුද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ දෛනික ආදායම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය. පුද්ගලික බස් සේවාව ලබා දෙන සේවාව අගය කළ යුතු බවත් ලංගමයට පමණක් තනිවම පොදු ප්‍රවාහන සේවා අවහ්‍ය පමණට ලබා දීමට නොහැකි බවත් ඔහු පැවැසීය.
කෙසේ වුවද ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමීමට අපේක්ෂා නොකරන අතර යම් පුද්ගලික බස් රථ සංගමයක් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ් සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සියල්ල සහිත වාර්තාවක් අද දින (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.