සබරගමුව පළාත් ආණ්ඩුකාර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්කර ඇති 320කගේ PCR වාර්තා මෙම සිකුරාදා (17) වන විට සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (14) සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ එදින (14) හදිස්සියේ රැස්වූ රත්නපුර දිස්ත්රික්කයේකොවිඩ් 19 මර්දන කමිටුවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ,
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු(05) හඳුනාගෙන ඇති බවය.
එමෙන්ම රත්නපුර නගරයේ ප්‍රධාන පාසැල් තුනක් පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන බවද සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය. බටහිර සහ දේශීය, වෛද්‍ය ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කර කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇති බවය.
දැනට අක්‍රීය වී ඇති රත්නපුර ශික්ෂණ රෝහලේ PCR පරීක්ෂණය සඳහා භාවිතා කරන ස්ලේම පටල තැන්පත් කරන කැබිනට්ටුවද කඩිනමින් අළුත්වැඩියා කිරීමටද කටයුතු කර ඇති බව ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
