ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1491 ඉක්මවා තිබේ.
ඩබ්.ජී. ජයනි තිලක්ෂණා කරුණාරත්න දියණිය රුපියල් 3,000ක් අරමුදලට පරිත්‍යාග කළාය. අදාළ මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
ලංකා නැව් සංස්ථාව රුපියල් 196,683.50ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් 18,615,544.29ක්, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් රුපියල් 76,135.79ක්, එස්.ඒ. විහංගා දහම්සිරි සෙනරත් දියණිය රුපියල් 2,364ක්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 10,581,510.40ක්, මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් රුපියල් 133,666.52ක්, ගුණතිලක බණ්ඩාර මහතා රුපියල් 5,000ක්, ආර්.ආර්. නවරත්න මහතා රුපියල් 5,000ක්, උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ජී.එම්. ජයම්පති ඇටිපොළ මහතා 15,000ක්,ඩබ්.එම්.කේ. සෙනුරි ප්‍රබෝධනී නවරත්න දියණිය රුපියල් 180ක් පරිත්‍යාග කළහ.
අදාළ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනලදී.
මහනුවර ජාතික රෝහල රුපියල් 2,399,778.50ක්, Brantel Lanka (Pvt) Ltd රුපියල් 200,000ක්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය රුපියල් 187,669ක්, ඕල්කට් මාවත කැලෑපොළ සුළු වෙළදුන්ගේ සුබසාධක සමිතිය රුපියල් 50,000ක්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රුපියල් 195,402.32ක්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය රුපියල් 217,372.83ක්, පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 105,000ක්, වෛද්‍ය ආර්.එම්.ජේ. නාවින්න මහතා රුපියල් 200,000ක්,උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 46,646ක්, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය රුපියල් 155,317.66ක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් බී.ඩී.වයි.ආර්. විමලරත්න මහත්මිය 15,908.75ක් අරමුදලට පරිත්‍යාග කළහ.
දැන් ඉටුකම COVID - 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,491,752,709.01කි.
