saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 1270 hours ago

LATEST

කෝපා සභාපතිධුරය මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාට

calendar_today 2025 ජන 24 - 18:52 remove_red_eye - 467  

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (24) පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පත්කිරීම සිදු කෙරිණි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක්, කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.

Read More

ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි අතිවන බව කාළගුණ විද්‍යා මධ්‍යස්ථානය දන්වා සිටියි.

Read More

අධික ලෙස මත්පැන් පානය කර පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත ගරාජයක කාමරයක ඇඳක් මත පොලිස් නිල ඇඳුමින් පිරිසක් සමග නිදාගෙන සිටියදී ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් අයකුගේ රාජකාරී වැඩ ඊයේ 23 දින සිට තහනමට ලක් කළ බව පානදුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

මෙම සංශෝධනයත් සමග මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 600ක්, දිවා ආහාරය සඳහා රුපියල් 1,300ක් සහ සවස තේ සඳහා රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබේ. මිල සංශෝධනය පෙර උදෑසන ආහාරය සඳහා රුපියල් 100ක්, දිවා ආහාරය සඳහා රුපියල් 300ක් සහ සවස තේ සඳහා රුපියල් 50ක් වැය විය.

Read More

2024 වසරට අදාළව පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෙක් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. මිට අමතරව ලකුණු 187 හා 186 යන ප්‍රමාණයන් ලබාගත් දරුවන්ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය. සිසු සිසුවියන් 17 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවද ඔහු පැවැසිය.

Read More

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පිදුරුතලාගල පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළේ පසුගිය මහකන්න 03ක් තුළදී රුපියල් දෙකෝටි හැට හය ලක්ෂ පනස් නවදහස් හත්සිය අසූ පහක(26,659,785) මුදලක් වැය කර බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 247,500 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද නිෂ්පාදනය කර ඇත්තේ බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා (22 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

ඇමති- නි.ඇමතිට නිල වාහන 2යි ඉන්ධන ලීටර් 900යි ඇමති කාර්ය මණ්ඩලට15ක් නි.ඇමතිට 12ක්, පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් බෑ අමාත්‍යාංශ සඳහා විෂය ක්ෂේත්‍ර අනුව එක් විෂය ක්ෂේත්‍රයකට උපදේශකයන් දෙදෙනකු බැගින් බඳවා ගැනීමටඅවස්ථාව

Read More

ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා සැකකරුවන් අල්ලන්නේ නැතුව වසර 10 ක කාලයක් ගතවනතුරු කළේ කුමක්දැයි රහස් පොලිසියෙන් අද (23) ප්‍රශ්න කළේය.

Read More

මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

Read More

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයට අයත් කොටසේ ගස් 90ක් නීති විරෝධීව කපා ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිහින්තලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මිහින්තලේ මහ කනදරා වැව වාන් දැමීම හේතුවෙන් මහකණදරාව දකුණු ඉවුර ප්‍රදේශයේ සිට මිහින්තලේ මහ විද්‍යාලයට, පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයට වෙත පාසල් ළමුන් රැගත් බස් රථයක් අද (23දා) අනතුරට ලක්ව තිබේ.

Read More

සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ගමනේ ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම මහා වංචාවේ සුල මුල හෙළිවෙමින් තිබෙන බව පොලිසිය කියයි.

Read More

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Read More

දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණවලට අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Read More

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට අද දින (2025.01.23) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

Read More

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිවුදෙනා ඇපමත මුදා හැරීමට අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා

Read More

අධිකරණයේ අත්හිටුවීම මත ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී ම්යගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

Read More

ඩීසල් ඉන්ධන වලට භූමිතෙල් මිශ්‍ර කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ඉන්ධන බවුසරයක් සපුගස්කන්ද පොලිස් වසමේ මාබිම ප්‍රදේශයේ දී පසුගියදා ( 21) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි

Read More

පාර්ලිමේන්තුවේ අදට (23දා) නියමිත පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ.

Read More

කොළඹ බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් විදුරු හා ප්ලැස්ටික් හිස් බෝතල් 20000ක් පමණ මාසිකව එකතුවන බව එහි සේවකයෙක් පැවසීය.

Read More

මෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල් වඩමක් සහ ටි 56 ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි

Read More

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

Read More

මාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.