සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට පසුව පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළ සිව්වැනි ප්‍රධාන පෙලේ රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.
"මැදපෙරදිග ප්රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට සහ ගාසා තීරයේ ගැටුම, දුක් වේදනා සහ සාගින්න අවසන් කිරීමට මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ද්වි-රාජ්‍ය විසඳුමක්" බව ඔහු සඳුදා පැවසීය.
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වැඩිවන පීඩනයකට ලක්ව සිටින ඊශ්‍රායලය සඳහන් කරන්නේ පලස්තීන රාජ්‍යයෙ පිළිගැනීම ත්රස්තවාදයට ආධාර කිරීමක් බවයි.