මහනුවර නගරය තුල ත්‍රී රෝද රථ 3000 කට වැඩි ප්‍රමාණයක් ධාවනයට යොදවා තිබුණද මහ නගර සභාවේ ලියාපදිංචි වී ඇත්තේ ත්‍රී රෝද රථ 1861 ක් පමණක් බවත් එයින් බලපත්‍ර ලබාගන්නේ ත්‍රී රෝද රථ 300 ගණනක් පමණක් බවද මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පසුගියදා පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සඳහන් කළාය.
මහනුවර සම්බන්ධිකරණ කමිටු සභාපති සහ කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධාවනත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීමේ දී තව දුරටත් අදහස් දැක්වූ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ, මහනුවර මහ නගර සභාව මගින් ත්‍රී රෝද රථ ලියාපදිංචි කළද නියාමනය කිරීමක් සිදු නොවන බවයි.
ඒ නිසා ත්‍රී රෝද රථ නියාමනය කිරීමක් අවශ්‍ය බවද සඳහන් කළාය.ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ත්‍රී රෝද රථ නැවතුම්පොළ වෙන් කර දී ලියාපදිංචි කළද බලපත්‍ර ලබා ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ 300 ක් පමණ බවද නාගරික කොමසාරිස් වරිය සඳහන් කළාය.
මෙම තත්වය නිසා ත්‍රී රෝද රථ පාලනයෙන් ඉවත් වෙන්නත් යෝජනා වුණා අයවැය ඇස්තමේන්තුවට ත්‍රී රෝද රථවලින් මිලියන පහක ආදායම් ඇස්තමේන්තුවන් ඇතුලත් කර ඇති බවද නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය සඳහන් කළාය.
ත්‍රී රෝද රථ 1861 ක් ලියාපදිංචි කර තිබුණක් ඔවුන් බලපත්‍ර ලබා ගන්නේ නැති බැවින් ආදායම් එකතු කර නොගැනීම සම්බන්ධයෙන් විගණන විමසුම් ලැබන බවද කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
මහනුවර මොහොමඩ් ආසික්