කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවති දින 11 තුළදී මහනුවර නගරයට එකතු වූ කසල ටොන් 318 ක් මහනුවර මහණකර සභාව විසින් ගුහාගොඩ කසලසල අංගනය වෙත යොමු කළ බව නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානි සහ ප්‍රධාන ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.
එම අපද්‍රව්‍ය අතර පෙරහරට සහභාගිවීම සඳහා පැමිණි අලි ඇතුන්ට සැපයූ කොටන් සහ අතු ටොන් 192 ක් ඇති බව පවසන නගර සභා පරිපාලනය වැලි ඇතුන්ට ආහාර සැපයීම සඳහා ටෙන්ඩර් ලබාගෙන සිටි ටෙන්ඩර් කරුවන් අලි ඇතුන් ආහාරයට නොගන්නා අතු සහ කොටන් විශාල වශයෙන් නගරයට රැගෙන ඒමෙන් එතරම් අපද්‍රව්‍ය තොගයක් එකතු වී ඇති බවද කියයි.
පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටි බැතිමතුන් අතහැර දමා ගොස් තිබූ පොලිතීන් ටොන් 33 ක් සහ ඉඳුල් කිලෝ 5630ක්ද තිබූ බව කියයි.
මෙම කසල තොගය අතර මිශ්‍ර කසල ටොන් 68 ක්ද අඟුරු ටොන් 18 ක්ද ගුහාගොඩ කසල අංගනය වෙත යොමුකොට තිබේ.
මෙවර පෙරහර මංගල්‍යය පැවති කාලය තුළදී නගරයේ පිරිසිදු කටයුතු වලට සහ කසල ප්‍රවාහනය සඳහා මහනුවර මහ නගර සභාව විසින් රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් වැය කොට ඇතිි බවද මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.