මිහින්තලයේ පිහිටි ඓතිහාසික අනුලා සෑයේ කැණීම් වලදී හමුවූ ගල් පෙට්ටි විවෘත කරන විට, එම පෙට්ටිය තුළින් හමුවූ ගල් මංජුසා ඇතුළු සහ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත වටිනා වස්තු වලට සිදු වූයේ කුමක්ද? මෙම පුරාවස්තු වලට සමනල තටු ආවේ කොහොමද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන නාහිමියන් ප්‍රකාශ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (10දා) මිහින්තලේ පිහිටි අනුලා සෑය නිරීක්ෂණය කිරීමට ගොස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් ඉදි කරන ලද චෛත්‍යයක් බවට මෙම අනුලා දේවී චෛත්‍යය හැඳින්වේ.
මෙම චෛත්‍යය කැණීම් කටයුතු ඉකුත් 2022 වර්ෂයේ සිදු කළ අතර, එම කැණීමේදී එම චෛත්‍යය තුළ තිබී, ගල් මංජුසා සහ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත, වටිනා වස්තු හමුවූ අතර, ඒවා විවෘත කිරීමේදී එම තුළ තිබී හමුවූ ගල් පෙට්ටි තුල තිබී පුරාවස්තු හමු වූ බව උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ පැවසූහ.
"කාටවත් මේවා සින්නක්කර ලියා දීලා නෑ, එහෙම හිතාගෙන තමයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් මෙම අනුලා සෑය විකුණලා තියෙන්නේ, මේ ආණ්ඩුව එහෙම නෑ කියලා රටේ ජනතාවත් මාත් විශ්වාස කරනවා, එනිසා මේ කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන ලෙසත්, මෙම චෛත්‍යය තිබුනේ ගන මූකලානෙකින් වැහිච්චි චෛත්‍යයක්, මහින්ද රාජපක්ෂ මහත්තයා බුද්ධ ශාසන ඇමති කාලය එතුමාට කතා කරලා, යම් තරමකට සුද්ධ පවිත්‍ර කරගෙන පිළිවෙලකට ගෙනාව,
රනිල් වික්‍රමසිංහ, විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස්ලා එකතුවෙලා, මේ විනාශය කරා, දැන් මේකේ ගර්භ තියෙනව දොළහක් පහළොවක් අතර, දැන් නිදහන් කරලා තිබිච්ච හොයන්නත් බෑ, නිදහන් වස්තුත් නෑ වෙච්චි දෙයක් නෑ ඒවට, දැන් ඒ කුහර විනාශ වෙලා, එනිසා මේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ, මේවා තමා අපේ උරුමය, මම දැක්කා ජනාධිපතිතුමා කියනවා උරුමය වළදාන්න දෙන්න එපා කියලා, ඒ මතය තමයි ජනාධිපතිතුමනි අපිත් ඉන්නේ, දිවිහිමියෙන් මේක අපේ රට සිංහලයා වෙනුවෙන් ලෝකයේ තියෙන එක රටයි, ශ්‍රී ලංකාව, රොබට් නොක්ස්ගේ පොතේ තියෙන්නේ හෙළදිව කියලා, එනිසා ඔබතුමා කිව්වා වගේම තමයි, දළදා හාමුදුරුවෝ ගාව සැපත කරා වගේම, මූලිකස්ථානය මිහින්තලය ඒ නිසා එතන ඉඳලත් කියන ඔබතුමා කිව්ව කතාව හරියටම හරි, වළදාන්න නම් දෙන්නේ නෑ කිසිම කෙනෙකුට, ජීවිතය පූජා කරලා හරි, මේ උතුම් වස්තු සුරකින්න, නිසා ඔබතුමා කිව්ව වගේම අපේ අතීතයේ තම උරුමය, ඒ නිසා මේ වගේ අතීත උරුමය රනිල් වික්‍රමසිංහල වල දාලා තිබෙනවා,
රනිල් වික්‍රමසිංහල, විදුර වික්‍රමනායකලා, තුසිත මෙන්ඩිස්ලා එකතුවෙලා හොරු ටික රැක්කා දැන් වස්තුවලට වෙච්ච දෙයක් නෑ, බෝදාගම හාමුදුරුවන්ට විකුණලා එම ධාතූන් වහන්සේලා පුරාවස්තුයි විකුණලා තිබෙන්නේ වෙච්චි දෙයක් නෑ, ගල් පෙට්ටි ඇරලා බලද්දි ඒවලේ සමනල තටු තිබ්බේ, ඒ නිසා රස පරීක්ෂකතුමන්ට බොරු කරන්න බෑ, ඒකේ පස් කොහෙද තිබ්බේ කියලා හොයන්න පුළුවන්, එම නිසා ජනාධිපතිතුමනි විශේෂ අවධානයක් යොමු කරලා මේවා ගැන හොයන්න. මිහින්තලා නාහිමියන් ජනාධිපතිවරයාට අවධාරණය කරයි.




