ට්‍රැෆික් වැරදි පමණක් නොව පොලීසියේ වෙනත් වැරැදිද වීඩියෝ කර එවිය හැකි බවත් ඒ සඳහා පොලීසිය හඳුන්වා දී ඇති ඇප් එක ඉතාම ජනප්‍රිය බවත් මේ සඳහා වට්ස්ඇප් යොදාගැනීමේ පහසුකමද සලසන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා බදුල්ල පොලිස් පරිශ්‍රයේ පැවති මාධ්යහමුකදී පැවසීය..
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරසූරිය මහතා මෙසේද පැවසීය.
“අපරාධ මෙහෙයවන්නේ ජනතාවට විරුද්ධව. එනිසා අවශ්‍ය සම්පත් දායකත්වය දෙන ශ්‍රී ලංකා පොලීසිය ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ. වශ්‍ය වියදම් සියල්ල කරල අවශ්‍ය රැකවරණය පොලීසිය විසින් සලස්වා තියෙනවා. මහජනතාව ලබාදෙන තොරතුරු, ජනතාව ලබාදෙන දායකත්වය පොලිස් අපරාධ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වෙනවා.
ඒකට පොලීසිය සම්බන්ධයෙන් මහජනතාවගේ තියෙන විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව තියෙනවා. පොලිස් නිලධාරීන් වැරදි වැඩ කරනවා නම්, ඔවුන් අපරාධ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැති නම්, අපරාධ කරුවන්වන් සමග සම්බන්ධතා පවත්වනවා නම් මජනතාවගේ විශ්වාසය ගෙඩනැගෙන්නේ නැහැ.මහජන විශ්වාසය ගොඩනැගුණාම අවශ්‍ය දායකත්වය, සහාය ලබාදෙන්න පියවර ගනියි කියා මා සිතනවා.
දැනටමත් අපට තොරතුරු ගලා එනවා. ඒවායේ ප්‍රතිපල විදියට තමයි සෑම සිදුවීමකම අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
සංවිධානත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ඕන හැටියට ලැබිල තිබුණා. ඔවුන් කරන අපරාධ වාර්තාකරන්න දුන්නේ නැහැ. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග පොලීසිය විසින් නොගන්නා අවස්ථා බෙහොමයක් තිබුණා. නිහඬව සිටියා. දැන් එහෙම තත්වයක් නැහැ. මේ අපරාධ කරුවන් හැංගිලා ඉන්නේ.ඔවුන් මේ ක්‍රියා කරන්නේ විදේශ ගත වෙලා.
ඔවුන් මේකට යොදාගන්නේ ලංකාවේ ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්.ඒවාට සම්බන්ධ යම් යම් පුද්ගලයන් හඳුනාගන්නවා. ඒ මත් ජාලයත් අපි හඳුනාගෙන තිබෙනවා. අවශ්‍ය කටයුතු නීතියේ රාමුව තුළ සිදුකරමින් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් මේ ජාවාරම් කරුවන් අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුම කොහොම සිදුකළත් ඒ ආකාරයට සිදුවෙන්න දෙන්න බැහැ.
මේවායේ යම් අභිතාර්ථයන් තියෙනවා කියල අපි විශ්වාස කරනවා. දේශපාලඥයන් යම් අවස්ථාවල මේ අපරාධ කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූවා. ඒක කවුරුත් දන්නවා .
මේ තත්වය ඇතිවුනේ ඔවුන් විදේශයට ගියාට පස්සේ. ඔවුන් මෙහෙයවන දේශපාලඥයන් සමහර විට ලංකාව තුළ ඉන්නවා.
ඔවුන්ට අවශ්‍ය රැල්ලක් විදියට මේක පෙන්වන්න. නමුත් එහෙම විශාල රැල්ලක් නොවෙයි. ඔවුන්ට කඩාකප්පල්කාරි ක්‍රියා කරන්න ඔවුන්ගේ විරුද්ධ පාර්ශ්ව තැති ගැනීමට ලක්කරන්න, ඒ බලය ලබාගන්න ඒ ගොල්ල කටයුතු කරනවා. ඒවාට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග නීතියේ රාමුව තුළ අප සිදුකරමින් ඉන්නවා. "
පාලිත ආරියවංශ