පිරිවෙන් විෂය පථය සංශෝධනය කරයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් පිරිවෙන් අධ්‍යාපනයට අදාළ විෂය පථය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පිරිවෙන් වර්ගීකරණය අනුව මූලික පිරිවෙන්, මහා පිරිවෙන්, පිරිවෙන් විද්‍යායතන , ද්විභාෂා පිරිවෙන්, විශේෂ පිරිවෙන්(විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන්), සීල මාතා අධ්‍යාපන ආයතන සහ පිරිවෙන් අභ්‍යාස ආයතන ලෙස පවතී.
එම පිරිවෙන්වල මූලික පිරිවෙන් විෂයයන් 14ක් සහ ප්‍රාචීන විෂයයන් 08 උගන්වනු ලබයි.
එම විෂයන් අතර,අනිවාර්යය විෂයන් - පාලි, සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි, ත්‍රිපිටක ධර්මය,ගණිතය ,
වෛකල්පිත විෂයයන් - ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, හින්දි, දෙමළ හා පිරිවෙන් මණ්ඩලය අනුමත විෂයයන්, පිරිවෙන් - පාසල් විෂයයට අදාළ විෂයයන්, ප්‍රාචීන විභාග අදාළ විෂයයන්,
පිරිවෙන් විද්‍යායතන – පාසල් විෂයයට අදාළ විෂයන් උගන්වනු ලැබේ.
වර්තමානය වන විට ඉහත පිරිවෙන්වල 69,108ක් සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.2025 අයවැය මගින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රු.මි.210ක් සහ පුනරාවර්තන වියදම් ලෙස රු.මි.7208ක් වශයෙන් රු.මි.7518ක මුදලක් වෙන් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

