“දැනට අපේ රටේ රටට අවශ්‍ය කිරි වලින් අපි නිෂ්පාදනය කරන්නේ සියයට හතළිහක් පමණයි. සියයට හැටක් විදේශ රට වලින් ගෙන්වනවා.ඒ සඳහා රුපියල් බිලියන 70 පමණ වැය වෙනවා. ඩේරි හබ් ව්‍යාපෘතිය යටතේ ඉදිරි තෙවසර තුළ එසේ ඇදී යන මුදල අවම කිරීමට පියවර ගන්නවා” යැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ,“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,කිරි ඉතිරෙන රටක්” ඩේරි හබ් “Dairy Hub” ජාතික වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රික් සමාරම්භ උත්සවය අමතමිනි.
මෙම උත්සවය මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මෙහිදී ඇමැතිවරයා අතින් කිරි ගොවීන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල සඳහා වූ ලිපිලිපි බෙදා දීමද සිදුකෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපේ රට තුළ දැනට දිනකට කිරි ලීටර් ලක්ෂ දහයක් පමපමණ ලබා ගන්නවා.අපේ අරමුණ එය ලීටර් ලක්ෂ තිහ දක්වා වැඩි කිරීමයි.මොනරාගල දිස්ත්‍රික්කය තුළ පශු වෛද්‍ය කොට්ඨාස දාහතරක් තිබෙනවා.බොහෝ ගවහිමියන් පාරම්පරික ක්‍රම මතයි ගව පාලනය කරන්නේ.
නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔවුන් ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීම අපේ අරමුණයි. එසේ වූ පමණින් ග්රාමීයව නිවාස මට්ටමෙන් සිදුකෙරෙන ගව පාලනය නතර කරන්නේ නැහැ. කිරි ගොවියා ශක්තිමත් කොට නිවාස මට්ටමෙන් ගව පාලනය කරන අයටද දිරි දීමනා ලබා දෙමින් ඉදිරියේදී ඔවුන්ද නංවාලීමට කටයුතු කරනවා. අවශ්‍ය අනෙකුත් උපාංගද ලබා දෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ මී ගවයින් විශාල සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශ වලට යොමු කර තිබෙනවා.නමුත් කිසිදු විද්‍යානුකූල ක්‍රමයකට ඔවුන් ඇති කරන්නේ නැහැ.ඒ පිළිබඳවත් අපි සොයා බලා විධිමත් වැඩපිළිවෙලක් දියත් කරනවා.
සියලුම කිරි ගොවීන් අප හා එක්වී කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහනට එක්වන්න. මෙතෙක් අපි සහනාධාර ලබා දුන්නේ වී වගාවට පමණයි.ඉදිරියේදී තවත් අතිරේක භෝග දොළහකට සහනාධාර ලබා දෙනවා.මොනරාගල දිස්ත්‍රික්කය තුළ වී වගාවට අමතරව ගම්මිරිස්,බඩ ඉරිඟු,කොකෝවා,කෝපි වගා කෙරෙනවා.එම ගොවීන් දිරිමත් කරන අතර අලුතෙන් ගම්මිරිස් වගා කරන ගොවීන්ට රුපියල් ලක්ෂයක සහනාධාර මුදලක් ලබා දෙනවා.
ඉදිරියේදී බඩ ඉරිඟු වලටද පාලන මිලක් ලබා දෙනවා.දුම් කොළ වගාව ප්‍රචලිත කිරීමට කිසිදු ආධාරයක් උපකාරයක් අපේ රජය කරන්නේ නැහැ.කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා වෙනම කුරුඳුසංවර්ධන දෙපාර්තුමේන්තුවක් ඇති කළා.ඉදිරියේදී කුරුඳු වගා කළ හැකි හැම ප්‍රදේශයකම එම වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නවා.කුරුඳු වලින් හොඳ ආදායමක් ලබාගත හැකියි.ඒ සඳහාද ගොවීන් අවධානය යොමු කරන්න.
අතරමැදි කන්නයේ අතිරේක භෝග වගා කිරීමේ වැඩසටහනක් අපි දියත් කර තිබෙනවා.කව්පි,මුං ඇට,තල වැනි බෝග එසේ වගා කරනවා.කන්න දෙකක් වී වගා කෙරෙන අතර අතරමැදි කන්නයේ ඒවා වගා කෙරෙනවා.මහන්සියෙන් උනන්දුවෙන් කෘෂිකර්ම කටයුතු වල නිරතව සිටින අයට විශේෂයෙන් තරුණ පරපුරට අපි උදව් උපකාර කරනවා."