saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7916 hours ago

LATEST

ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයින් 6ක් - සමස්තය 1034යි

calendar_today 2020 ඔක් 07 - 20:02 remove_red_eye - 486  

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගෙන තිබේ.

සොරණාතොට මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .

Read More

රටේ පවතින වර්තමාන Covid - 19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (07) දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

Read More

හිටපු චීන විදේශ ඇමති සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජිචිගේ නායකත්වයෙන් යුත් චීනයේ ඉහළ පෙළේ චීන දූත පිරිසක් හෙට (8දා) කොළඹට පැමිණීමට නියමිතය.

Read More

කටුනායක අවට ප්‍රදේශ වන සීදුව,කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ 10/07 දින සවස 6.00 වනවිට කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 32 දෙනෙකු වාර්තා වන බව එම කොට්ඨාසය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය .

Read More

මධ්‍යම පළාතේ සියලුම උපකාරක පංති පැවැත්වීම තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

Read More

අතුරුගිරිය නගර මධ්‍යයේ සංචාරක බෑග් අලෙවිසැළක හිමිකරුවකු අලෙවිසැළ තුළ බිම ඇද වැටී සිදුවූ අනතුරින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

Read More

ආණමඩුව ආඩිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දහවල් සිට ජනතාව ඇතුල් විම හා පිටවිම සිමා කිරිම සිදුකල බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

(UPDATE)මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලුම දෙනාටතමන් පදිංචි ස්ථානයේ සිට පොලීසිය සඳහන් කර ඇති ස්ථානවෙත පැමිණීමට නියෝග කරන බව පොලීසිය පවසයි.

Read More

කෝවිඩ් - 19 හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

(UPDATE) රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා නැවත පොලිස් භාරයට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔහු නැවතත් රෝහල් ගත කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

එක්තරා පක්ෂයක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කියනවා, ‘කාන්තාව ගෙදර දී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවන්නෙ නැහැ’ කියලා. එතුමියට අනුව අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මාට, තාත්තා විසින් වැටුපක් ගෙවිය යුතුයි. බටහිර චින්තනයට අනුව අපේ ජීවිත කිරලා, මනින්න ගියාම, ඔළුව කුරුවල් වන ඔය විදිහෙ මත, ඔය විදිහෙ අයගෙන් පිට වෙන එක වළක්වන්න බැහැ.

Read More

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොවිඩ් වැළදි මේ වනවිට අයිඩිඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබන හොරණ කදන්හේන ප‍්‍රදේශයේ පුද්ගලයා පැමිණි හොරණ නගරයේ වෙළ`දසැලක් අද (07) දින පෙරවරුවේ තාවකාලිකව වසා දැමු බව හොරණ නගර සභාවේ ප‍්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.ජී.එන්.කුමාර මහතා පැවසීය.

Read More

හොරණ, කඳන්හේන පදිංචි කොරෝනා ආසාදිතයා පැමිණි බවට තොරතුරු හෙළිවූ හොරණ, කඳන්හේන ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සියල්ලම එම විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.

Read More

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

Read More

රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් උතුරු මැද පළාත තුළ පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

හෝමාගම විදුලි බල මණ්ඩල කාර්‍යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්‍රය තුළත දීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .

Read More

නැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධානය කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය .

Read More

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර සිටියි.

Read More

අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.

Read More

බ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි

Read More

පොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.

Read More

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රඹුක්කන රෝහලේ වෙනමම මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.

Read More

හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල මහජනතාවට දන්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.