සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකෙන් අද වනවිට කෝවිඞ් 19 ආසාදිත බවට තහවුරුවී ඇති 08 දෙනාම බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම්හල් පොකුරට අයත් බව එම දිස්ත‍්‍රික් දෙකේ වසංගත රෝග විද්‍යාඥයින් අනාවරණය කර ඇති බව සබරගමු පළාත් මාධ්‍ය ඒකකය පවසයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවයේ නියුතු පිරිසට වාර්තා කිරීම සඳහා අද දිනය අවසාන දිනය බවත් යම් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අනුයුක්තව සේවය කර ඇත්තනම් ළගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර සිටියි
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රෙද්ශ 18කට පනවා ඇති නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read Moreකෝවිඩ් වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා හමු වී ඇත. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් රටේ ඇති වි තිබෙනා අවධානම් සෞඛ්‍ය තත්වයත් සමග අනුරාධපුර පොත් වසන්තය ප්‍රදර්ශනය නැවත්විම සදහා තමන් පියවර ගත් බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතා පවසයි.
Read Moreකොරෝනා රෝග තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අමතර ගිලන් රථ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසක් අනුයුක්ත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read More[UPDATE] මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පවතින ආපනශාලාවේ සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreමේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.
Read Moreශාන්ත බ්‍රිජේඩ් කන්‍යාරමෙයේ සිසුවියකුගේ දෙමාපියෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.
Read Moreඒ අනුව ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ (බුළුගහගොඩ/ගනේමුල්ල/යාගොඩ/ගම්පහ/දාරලුව/බෙම්මුල්ල/මගෙලගොඩ/හීන්දෙණිය පට්ටිගෙඩ/වේයන්ගොඩ/වඳුරව/කීනවල/පල්ලෙවෙල/ගනේගොඩ/විජය රජදහන/මීරගම/විල්වත්ත/බෝතලේ/අඹේපුස්ස) දක්වා දුම්රිය නොනවත්වා ධාවනය වෙයි. මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ පේරලන්ද හා කුරන යන දුම්රිය ස්ථාන තුළද දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.
Read Moreමීට අමතරව ඇතුළත මෙන්ම පිටත සාද පැවැත්වීම තහනම් අතර ජනතාව ඒකරාශි කිරීමද තහනම් වෙයි. සිනමා ශාලා, තැබෑරුම්හල්, කැසිනෝ හා සමාජ ශාලා, සූදු තැබීමේ ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමර ලබාදෙන ස්ථාන විවෘත කිරීම තහනම් කර තිබේ.
Read Moreසිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා වරකට සහභාගී විය හැකි උපරිම පිරිස 50 ක් බව මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැලඳී ඇතැයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දේපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
Read Moreරට තුල කොරෝනා රෝගීන් වැඩි වීමත් සමඟ හම්බන්තොට පැරණි රෝහලේ ස්ථාපිත කර තිබෙන කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය තුල මේ වන විට රෝගීන් 136 දෙනෙකු ප්‍රතිකාර කිරීමට ඇතුලත් කර තිබෙන බව එම වාට්ටුව බාරව කටයුතු කරන වෛද්‍ය වරයෙකු කියා සිටියේය.
Read Moreකොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පැරණි උසාවි ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තැන්පත් කර තිබූ කෞතුක භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළා යාමට උත්සාහ කළ පුද්ගලයකු කෞතුකාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් අල්ලා දළදා මාලිගාවේ පොලිස් ඒකකයට භාර දී තිබේ .
Read Moreමීරිගම ප්‍ර දේශයේ වාර්තා වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169 ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read Moreහබරාදුව පොලිස් නිල සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreයාපනය පුංකුඩතිව් ප්‍රදේශයෙන් කොරෝණා ආසාධිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
Read Moreකටුගස්තොට පොලිස් වසමේ හෑදෙනිය ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පි.සි.ආර්.පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු හෑදෙනිය මැදවල පාරේ පිහිටි එම ඇඟලුම් සේවිකාව පදිංචි නිවසේ නිවැසියන් ඇතුළු ඒ අවට නිවාස 4ක පදිංචිකරුවන් එම නිවාස තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් එහි සිසුන් හා කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
Read Moreඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .
Read Moreඔක්තෝම්බර් මස 4 වන දින ICBT කොළඹ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත.
Read Moreරිකිල්ලගස්කඩ බස්ටියාවත්තේ පදිංචි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කමිහලේ සේවකයෙකු කොවිඩි ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
Read Moreසමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති කඩ කිරීම සම්බන්ධයෙන් MT New Diamond නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreකල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ස්වං නිරෝධායනයට ලක්කරමින් සිටි පවුල් 5 ක 21 දෙනෙකු පි.සි.ආර් .පරික්ෂණ සදහා 8 දින දහවල් යොමු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreසිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණය නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
Read More