ගල්හින්න සහ පල්ලියකොටුව වසම් දෙක හුදකලා කරයි
පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගල්හින්න පල්ලියකොටුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ගල්හින්න සහ පල්ලියකොටුව වසම් දෙක අද සිට හුදකගා කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.
පල්ලියකොටුව ග්‍රාම නිලධාරි වසම තුලින් මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති බවත් ගල්හින්න වසමෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
හුදකලා කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වන සියලු ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කීය.
පල්ලියකොටුව ග්‍රාම නිළධාරි වසමේදී නොවැම්බර් මාසයේදී සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 12 දෙනෙකු හමු වී ඇති අතර දෙසැම්බර් මාසයේදීද 12 දෙනෙකු හමු වී තිබේ. ජනවාරි මාසයේදී කරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලින් එක්වරම ආසාදිතයින් 70 ක් වාර්තා වීමත් සමඟ පල්ලියකොටුව සහ ගල්හින්න වසම් දෙක හුදකලා කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කියයි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

