ෆොසුන් ෆාමා-බයෝඑන්ටෙක් එන්නත හොංකොං පිළිගනියි
ෆොසුන් ෆාමා-බයෝඑන්ටෙක් එන්නත භාවිතය හොංකොං විසින් නිල වශයෙන් අනුමත කර ඇති බව හොංකොං රජය පවසයි.
ඒ අනුව එන්නත් මාත්‍රාවන්හි මිලියනයක් පමණ වන පළමු කාණ්ඩය පෙබරවාරි දෙවැනි භාගයේදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
චීනයේ ෆොසුන් ෆාමා-බයෝඑන්ටෙක්, චීනයේ සීනොවැක් බයෝටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වෙතින් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 22.5ක් හොංකොං විසින් ලබාගෙන ඇති බව එහි නායක කැරී ලැම් දෙසැම්බර් මාසයේදී පැවසීය.
ෆොසුන් ෆාමා යනු ජර්මානු ඖෂධ නිෂ්පාදකයෙකු වන බයෝඑන්ටෙක් හි චීනයේ හවුල්කරුවෙකි. සීතල දාම කළමනාකරණය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා ෆොසුන් මෙහිදී ක්‍රියා කරයි.
පෙබරවාරි මාසයේ ෆොසුන් ෆාමා-බයෝඑන්ටෙක් එන්නතෙන් පසුව, චීනයේ සීනොවැක් එන්නත හොංකොං වෙත පැමිණීමට ඉඩ ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසර මැද භාගයේදී ලැබෙනු ඇත.
2020 ජනවාරියේ සිට හොංකොං හි කොරෝනා වෛරස් රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 166ක් වාර්තා වී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

