ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව හමුවට කැඳවන රාජ්‍ය ආයතන පිළිබඳ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුර්ජනනීය බලශක්ති 70%ක් දක්වා ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි කාන්තාවන් දූෂණයවී ඇත්දැයි පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreගිණුම් පහක් ඔස්සේ පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ වයස අවු හතලිස් එක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreරජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.
Read Moreඅග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (28දා) වාර්තා කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
Read Moreමෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරයේ පදිංචිකරුවන් තවත් මාසයකට දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් එන්නත් කිරීමෙන් පමණක් සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරයි.
Read Moreජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලාංකේය කණ්ඩායමට අදාළ පහසුකම් ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයන් එම කමිටුව වෙත ලබා දී තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පෙන්වා දෙයි.
Read Moreදැයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාව මේ මොහොතේ ප්‍රමුඛ අරමුණ කරගනිමින් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඒ සදහා වැඩි ඉඩක් ලබාදෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
Read Moreපසුගිය සතියේ සිට ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයූ ටෝකියෝ නුවරින් පමණක් අද දිනයේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 3,177 ක් වාර්තා කර තිබේ.
Read Moreජපානයේ ඔලිම්පික් තරගාවලිය සඳහා සම්බන්ධ වී සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට එම සංචාරය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන් නොකළ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreපසුගිය සතිය හා සසඳන විට ගෝලීය වශයෙන් නව ආසාදිතයන් සංඛ්‍යාව 8%කින් ඉහළ ගොස් ඇති අතර එය බොහෝ දුරට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර පැසිෆික් කලාපවල සැලකිය යුතු වැඩි වීමකට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සතිපතා යාවත්කාලීන වාර්තාවේ සඳහන් කරයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේය.
Read Moreව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුතර තිබෙන නඩුවේ විශේෂ සාක්ෂකාරියක වන රෝස් ස්මිත් මහත්මිය ඇතුළු තිදෙනෙකුට ලබන සැප්තැම්බර් මස 3වනදා සාක්ෂි ලබාදිම සඳහා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට අද දින කොළඹ මහාධිකරණ නිවිසුරු අමල් රණරාජා මහතා සිතාසි නිකුත් කළේය.
Read Moreඅද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,272ක් ලෙස සඳහන් වෙයි.
Read Moreකොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සමීර ගුණවර්ධන මහතා, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂෙඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා යන අය මෙම විශේශඥ කමිටුවට නම්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එසේම මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්මවා ඇති බවත් එසේ වූයෙ ඉතිහාසයේ පළමු වතාවට බවත් හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පමණක් මගී බස්රථ සේවා සැපයීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් ලංකාවේ වාර්තාවුවත් තවමත් ඉන්දියාව වැනි ව්‍යවසනකාරී තත්ත්වයකට පත්වීමට තරම් බරපතල තත්ත්වයක් ලංකාවේ උද්ගතව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (27දා) අරලියගහ මන්දිරයේ දී පැවසීය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද නියමිත පරිදි පැවැත්වෙන බව මෙම තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ෆර්විස් මහරුෆ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.
Read More