saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6626 hours ago

LATEST

ඇමෙරිකා මුඛ ආවරණ නීති CDC යළි යාවත්කාලීන කරයි

calendar_today 2021 ජුලි 27 - 20:40 remove_red_eye - 225  

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසයි.

Read More

ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කිරීම හෝ සංක්‍රමණය කිරීම සෞදි අරාබිය විසින් තහනම් කර තිබේ.

Read More

මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද ( 27)ප්‍රකාශ කළේය.

Read More

දොඩම්පිටිය විදුහලට දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර උත්සව අවස්ථාවෙන් පසුව ආපසු රැගෙන ගිය බවට පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති ආරක්ෂක අංශයක් තිබියදීත් මේ ආකාරයෙන් සිය පෞද්ගලික නිවසටම පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මේ පිටුපස ඔහුගේ ආරක්ෂක යාන්ත්‍රණයේ යම් හිදැසක් හිතාමතාම ඇති කර ඇති බවට චෝදනා නැගෙයි.

Read More

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊට විරෝධය පළ කරමින් හෙට දිනයේදි ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් විමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම (27) දින දවස පුරා ඩයගම වතු යායේදි සිදු කෙරිණ.

Read More

වෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා. අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට සඳහන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටියි.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

මීටර 100 නිදහස්,ආර ඉසව්වේ පළමු වටය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ තත්පර 50.62 කාලයක් වාර්තා කර හිමිවූයේ 8වන ස්ථානයයි. ඒ අනුව ඔහුට ඉදිරි තරග වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.

Read More

ඉන්දීය කණ්ඩායමේ කුනාල් පාන්ඩ්‍යා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.

Read More

දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට ( 28) පස්වරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරෙනවා.

Read More

චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ලෝකයේ විශාලතම නිල් පොකුරු මැණික (star sapphire ) රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

Read More

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

Read More

මුලතිව් පොලිස් වසමේ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක අද (27) දින සිදු වූ පිපිරීමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

Read More

කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි .

Read More

වාහන කුලියට දෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

Read More

චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.

Read More

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කර තිබේ.

Read More

පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහභාගිවන මූලික වටයේ පළමු තරගයට අද (27දා) සහභාගිවන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මැතිව්, මී. 100 නිදහස් ආර ඉසව්වෙන් තරග වඳිනු ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.