saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6563 hours ago

LATEST

කොවිඩ් මර්දනයට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතුයි

calendar_today 2021 අගෝ 08 - 16:31 remove_red_eye - 398  

කොවිඩ් කාර්ය සාධක බලකායට කොවිඩ් පාලනය කිරීමට නොහැකි බවත් ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව​ට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස සංවර්ධන ව්‍යාපෘති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කර සිටියි.

Read More

ලබන වසර සඳහා ද වාහන ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර බවත් 2022 වසර වෙනුවෙන් නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන සකස් කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශන නිකුත් කළ බවත් උසස් භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබේ.

Read More

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට එන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනිය සඳහන් කරයි.

Read More

කොවිඩ් අවදානමත් සමග රජයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා රජය විවිධ චක්‍රණලේඛන නිකුත් කලත් මෙරට රජයේ සේවයේ නියුතු දෘශ්‍ය ආබාධ සහිත රාජ්‍ය සේවකයන් 2000 ක් එම කිසිදු චක්‍රලේඛණයක් මගින් ආවරණය නොවන බව ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සහකාර ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා පවසයි .

Read More

යාපනය පේදුරුතුව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක භාරකාර මණ්ඩලයන් විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පූජාවන් පැවත්වීම හේතුවෙන් අද (08) සිට දින 14 ක කාලයක් වසා තැබීමට පියවර ගත් බව පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

රාගම ශික්ෂණ රෝහලේ දැනට ඇති කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම සහ නැවත ප්‍රමාදයන් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Read More

මහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .

Read More

මේ වන විට දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 500 -600 ත් අතර සංඛ්‍යාවක් කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.

Read More

පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ කොවීඩ් මළසිරුරු සියල්ල අද දින ආදාහනය කර අවසන් කරන බව රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.

Read More

දේශීය වෙලදපොළේ රතු පරිප්පු සහ සිනි මිල සතියක් තුළ රු 10 කින් ඉහළ ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙළදුන් කියා සිටියි.

Read More

ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසාවෙන් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි දෙන අනුගමනය කරන්නැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගේන් ඉල්ලා සිටියේය. එසේම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිදු මාත්‍රාවක් ලබානොගත් අයවළුන් සිටීනම් හැකි ඉක්මනින් එන්නත බාගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේය.

Read More

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ජායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් දස දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර සිටියි.

Read More

වව්නියාව මරදන්කුලම් මුරුගන්ඌර් ප්‍රදේශයේදී නිවසක් තුළ මාස 06 ක් වයසැති බිළිඳා සහ පෙම්වතියගේ ගෙල මිරිකා ඝාතනය කොට නිවසේම පුලුස්සා දැමූ පුදගලයෙකු වසර 06 කට පසුව අද (08) දින අත්අත්අඩංගුව ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

රුපියල් හත් හත්ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනාකමින් යුත් , අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 27කට අධික ප්‍රමාණයකට එන්නත්කරණය අවසන් කර තිබේ.ඒ අනුව පුද්ගලයන් 2778714ක් වෙත කුමන හෝ එන්නතක මාත්‍රා දෙකම ලැබී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලැබී ඇත්තේ චීනයේ සයිනොෆාම් එන්නතයි.

Read More

ලාෆ් සමාගම ගෘහස්ත ගෑස් වෙළඳපොළට නිකුත් නොරන්නේ නම් පාරිභෝගිකයන් එම ගෑස් සිලින්ඩර ලබාගැනීම වෙනුවෙන් ගෙවූ තැන්පත් මුදල් ආපසු පාරිභොගිකයන් වෙත ගෙවීමට කටයුතු කරන්නැය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 118 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් 362දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 58දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති. දැඩි සත්කාර ඒකකයේ සිටි පුද්ගලයින්ගෙන් 54 දෙනෙකුම එන්නත් ලබාගෙන නොමැති අය බවද කියයි.

Read More

කොවිඩ් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ ප්‍රදේශයේ ජනතාවට අද (08) දිනයේත් උදැසන 9.00 සිට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

Read More

ප්‍රදේශ කිහිපයකට අද (08) දිනය තුළ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

Read More

චීනයේ නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා දශ ලක්ෂ අසූ දහසක් රැගෙන , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට කොවිඩ්-19 මර්දන චීනයේ සීනොෆාම් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව සිකුරාදා ලබාගත් බව එරට ජනාධිපති මන්දිරය පවසයි.

Read More

ශ්‍රී ලංකා තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

තලවාකැලේ ශා/කුම්බස් වතුයායේ හා තේ පරික්ෂනාගාරයේ (T.R.I.) කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි ගැබිනි මව්වරුන් දෙදෙනකු ඇතුළු 66 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

නස්රාල්ලාගේ මෙම අදහස් පළ වූයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල් හමුදාව මේ සතියේ දේශසීමා හරහා වෙඩි හුවමාරු කර ගැනීමෙන් පසුවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා මහනුවර ,නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනයේදි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.