වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ පිළිබඳව කළ විමර්ශනයේදී ගෑස් ලිප, ගෑස් සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ වයරය ගැලවීමක් හෝ පිළිස්සීමක්, උණුවීමක් හේතුවෙන් සිදුවූ ගිණි ගැනීමක් නොවන බවට අණාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
මේ පිළිබඳව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේදි ගෑස් ලිප හෝ ගෑස් සිලින්ඩරය පුපුරායාමක් වාර්තා කර නොමැති බවත් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ සිරුරට ගින තබා ගැනීමෙන් සිදුවූ මරණයක් බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණය වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණය හේතුව බාහිර පිලිස්සීම් තුවාල වලට විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් මරණයක් බවට නිගමනය කර ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පවසයි.