On Arrival PCR නැති වුණොත් ලංකාව හාන්සි
ශ්‍රී ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නොමැතිවීම හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තාවන ඔමික්‍රෝන් නැමැති කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
"දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව සැලකිලිමත් නොවුණොත්, වසන්තය ඉවරවෙනවා නියතයි. අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාළණය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා.
ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, කාගේ කාගෙත් වසන්තය ඉවර වෙනවා සත්තයි.
ඒත් කාගේ හෝ ලණුවක් කාපු නිසා රටක් විදිහට අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නොකරන්න මාර්ගෝපදේශ හදලා. වහාම "On Arrival" PCR පරීක්ෂණ සිදු කිරීම ඇරඹිය යුතුයි. එහෙම නොවුනොත් මෙදා පාර ලංකාව හාන්සියි."

popular news
-
Dammika Pereera Saturday, 27 November 2021 01:37 PM
I don’t know this guy which education ..!? All who come cross the airport need PCR before get in to flight . Otherwise they not allowed . The report within 72h . I just land from abroad and I have follow so many formality. I have 3 vaccines and after all reweave they grant to excess to country . So what the hell anymore need ..?????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

