saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 15 hours ago

LATEST

ශ්‍රී ලංකා කණ්ඩායමට හමුදා ආරක්ෂාව

calendar_today 2025 නොවැ 13 - 21:09 remove_red_eye - 342  

ඉස්ලාමාබාද් හි අධිකරණ සංකීර්ණයක් අසළ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා පාකිස්තාන හමුදා සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා පැවසීය.

කුලියාපිටිය නගර සභාවේ 2026 වසර සඳහාවූ විශේෂ සභාවාරයේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී පාලක පක්ෂය අදහස් දක්වමින් සිටියදී ප්‍රති පක්ෂය වූ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම නැගීසිට චන්ද විමසීමටත් මත්තෙන් සභාගර්භයෙන් පිටව යාමෙන් සභාපතිවරයා ගෙන ආ අයවැය ඒකමතිකව අද (13)සම්මත විය.

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරිමේ සිද්ධියට විරෝධය පල කරමින් මාතර මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කලු පටි පැලද ගෙන පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් එම නගර සභාවේ මාසික සභා රැස්වීම අද (13) දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

Read More

මහකළුගොල්ල පොලිස් වසමට අයත් 19 කණුව කරබගොඩයාය ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් 21 වෙනි දින නින්දේ සිටි තම සැමියාගේ හිසට බිරිඳ විසින් පහරදී රෝහල් ගතව සිටි සැමියා (11) වෙනිදා රාත්‍රී අම්පාර මහ රෝහලේදී මිය ගොස් ඇත.

Read More

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත් කර ඇති කාලසටහන උල්ලංගණය කරමින් මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල වේලා සටහන්කරුවන් පෞද්ගලික බස් රථ ධාවනනය කිරිම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්වයක් අහිමි වී ඇති බව එම ඩිපොවේ කළමණකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

Read More

එම අලෙවිහල පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් එය ප්‍රචාරය කරදෙන ලෙස තමන් ඉල්ලීමක් කර සිටි අතර ඔවුන් ගේ ප්‍රචාර කොතරම්ද කිවහොත් තමාට දැන් කියන්නේ දුඹුරු සීනි පියා ලෙස වැඩි දුරටත් පැවසීය.

Read More

කොළඹ කාසල්විදියේ කාන්තා රෝහල තුළ පසුගිය සතියේදි දෙබිඩි දරු (ගැහැණු) උපතක් සිදුව තිබේ. අවුරුදු 29 හැවැරිදි මවකට මෙම දෙබිඩි දරු උපත සිදුව තිබේ.

Read More

වසර ගණනාවකට පසු තමන්ට රජයෙන් වැඩි කල රු.200 වැටුපට විරුද්ධය කටයුතු කරන පාර්ෂවයන්ට දේව සාපය ලබා දෙන ලෙස පවසමින් නුවරඑලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් (13) දින කෝවිල්වල පූජා පවත්වමින් පොල් ගසනු ලැබුහ.

Read More

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය - 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.

Read More

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක් සකස් කර ලබන 13 වැනි දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසර තුළදී රැකියා අවස්ථා හිමිවී තිබේ.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13දා) වරෙන්තු නිකුත් කරනු ලැබිණ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග පවත්වන දින වෙනස් කර තිබේ.

Read More

කීරි සම්බා වල මිල සංශෝධනය කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළෙහි පවතින ප්‍රමාදය කඩිනම්ව අවසන් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.

Read More

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025/2026 මහ කන්නය තුල මේ වනවිට පුරන් කුඹුරු අක්කර 703ක් ඇස්වැද්දිම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකොට ඇති බැව් වි වගාව පිළිබද ගාල්ල දිස්ත්‍රික් විෂයානුබද්ධ නිලධාරි ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසයි.

Read More

ප්‍රජා සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය මඟින් බණ්ඩාරවෙල කලාපයේ වතු ආශ්‍රිත ගොවීන් බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීමට යොමු කර ඇතැයි ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.කේ.පී ජයලත් මහතා පැවසීය.

Read More

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගේ කරගෙන සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලීසිය විසින් මහජනතාවට දැනුවත් කිරිමේ නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම මේ දිනවල යුරෝපිය රටවල රැකියා අවස්ා හා උසස් අධ්‍යාපන කටයුතු සදහා අවස්ථා සලසා දෙන බව පවසමින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රැවටීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වෙන දිනයන් සංශෝධනය කර තිබේ.

Read More

මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ අනුව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයෙන් වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ පාලන බලය හිමි කොටගල ප්‍රාදේශීය සභාවේ 2026 වසරට අදාල අයවැය ලේඛනය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික කැමැත්ත මත සභා සම්මත විය.

Read More

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම වැන් මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය උවදුර නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, මොරටුව ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති නීතිඥ, හර්ෂණ නානායකකාර මහතා පැවැසිය.

Read More

සයිප්‍රසයේ රික්ටර් මාපක 5.7 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ.

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගුව විසින් මේ වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.

Read More

පෙරදී මෙන්නොව වර්ථමානයේදී ව්‍යාපාර කරන අයට පහසු බව සර්වජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අයවැය විවාදයට එක්වෙමින් අද (11)දා පාර්ලිමේන්තුවේදී පැවසීය. වෙනදා ව්‍යාපාර සිදුකිරීමේදී දේශපාලකයන් පසුපස යාමට සිදුවූ තත්වය වර්ථමානයේ නැතිවීයාම පිලිබඳ මෙම රජයට ස්තූතිවන්ත වියයුතුබව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Read More

එක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.