අධික උෂ්ණත්වය හා බඩඉරිගු හිඟතාවය නිසා බිත්තර නිෂ්පාදනය අඩුවෙලා
මේ දිනවල පවත්නා. අධික උෂ්ණත්වය හා බඩඉරිගු හිඟතාවය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අවප්‍රමාණය වීම බිත්තර මිල ඉහලයාමට හේතුව බැව් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.
ඒ මහතා අද (26) ඒබැව් කියාසිටියේ සතිපතා බිත්තර මිල තීරණය කිරීම වෙනුවෙන් පැවති සමීක්ෂණ අවස්ථාවට සහභාගී වෙමිනි,
"අද වන විට බිත්තරය විශාල ඉල්ලුමක් සහිත භාණ්ඩයක් බවට පත්වෙලා. අපි රුපියල් තිස් අටට මිල නියම කරපුවහම වෙළඳුන් ඇවිල්ලා රුපියල් 40ටත් බිත්තර ඉල්ලනවා ඒ අනුව අපි තීරණය කරන්නේ වෙළඳපොලේ බිත්තරයට විශාල ඉල්ලුමක් තියෙන බවයි. ඒත් එක්කම මේ දිනවලින් පවතින අධික රස්නය බිත්තර නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ම අඩුවීමට බලපාන සාධකයක්.
ඒ එක්කම අපි පුන පුනා රජයෙන් ඉල්ලා හිටපු බඩඉරිඟු ආනයනය කරන්න කේ ඉල්ලීම මේ වනතෙක් කිසිදු බලධාරියෙක් නෑසූ කන්ව සිටීම විමතියට කරුණක්. වැඩුණු කිකිළියෙකුට බිත්තර දැමීම සඳහා බිත්තර මන්ද නියමිත ප්‍රමාණයට තිබිය යුතුයි යුතුයි. එය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් පවා පිළිගන්නකරුණක්. නියමිත පෝෂණය කිකිළියෙකුට නොලැබෙන විට එම බිත්තර මන්දා යන අවයවය සිහින් වන්නට පටන් ගන්නවා. එවන් අවස්ථාවල බිත්තර නිෂ්පාදනය තාම සීග්‍රයෙන් ම අඩු වෙනවා.
බඩ ඉරිඟු ඇතුළු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන්නේ අන්න ඒ කියන තත්වය මගහැරෙන්නටයි. එහෙමයි කියලා හෙට බඩ ඉන්නකෝබඩ ඉන්නකෝ අවශ්‍ය ප්‍රමාණය ගෙනල්ලා දුන්නට අනිද්දා සිට මේ බිත්තර මන්ද නියමිත ප්‍රමාණයට ඉන්නකෝ අවශ්‍ය ප්‍රමාණය ගෙනල්ලා දුන්නට අනිද්දා සිට මේ බිත්තර මන්ද නියමිත ප්‍රමාණයට පුළුල් වන්නේ නෑ. ඊට පස්සේ යම් සාධාරණ කාලයක් අවශ්‍ය වෙනවා.
අන්න ඒ නිසයි අපි නිරන්තරයෙන් ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ සම්පත් අංශයේ සඳහා පත්කර ඇතිබලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියේ. අද වන විටත් ඊට කිසි පාර්ශවයකින්. ්‍රතිචාර ලැබී නෑ..
බිත්තර කියන්නෙම නරක් වෙන භාණ්ඩයක්. ඉල්ලුමට සැපයුම සමගින් වෙළඳපොලේ මිල තීරණය වෙනභාණ්ඩයක්. මේ දිනවල බිත්තරයට පවතින්නේ විශාල ඉල්ලුමක්. අන්න ඒ නිසා තමයි අපි නියම කරන මිලටත් උඩින් බිත්තර අලෙවි වෙන්නෙ. ඒකට අපිට මාෆියාකාරයෝ කිය කියා ලියල හරියන්නෑ. ප්රශ්නය තේරුම් අරගෙන ඉතාමත්ම කඩිනමින් විසඳු සෙවීමයි කළ යුත්තේ.
එම නිසා අපි යළිත් ඉල්ලන්නේ අතිගරු ජනාධිපතිතුමා විෂය භාර අමාත්‍ය ලාල් කාන්ත මැතිතුමා නියෝජ්‍ය අමාත්‍ය අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරනාමල් කරුණාරත්න මැතිතුමා වගේම පශු සම්පත් අමාත්‍යාංශයේ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ බලධාරීන් බලධාරීන් එක්ක අපිට සෘජු සාකච්ඡාවක් ලබා දෙන්න එතකොට අපේ ප්‍රශ්න ඉදිරිපත් කරලා අපිට පුළුවන් කාටත් සාධාරණ විදිහට විසඳුමක් හොයන්න. මොකද මේ සේරම අතරේ අපි බිත්තර පරිභෝජනය කරන පාරිභෝගිකයා ගැනත් හිතන්න අවශ්‍යයි." යැයි පැවසීය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
