මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී ( Malaysia International Film Festival ) , ශ්‍රී ලංකාවේ " රිවස්ටන් " චිත්‍රපටයේ රග පෑ මහේන්ද්‍ර පෙරේරා හොදම නළුවාට හිමි සම්මානයත් , ප්‍රියන්ත සිසිර කුමාර හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන 07/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ විවිධ චිත්‍රපට සම්මාන උළෙල වලදී සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණ පමණක් සහභාගී කර ගැනීම විශේෂත්වයකි .
මොවුන් 07/26 දින පස්වරු 04.01 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .