වැවිලි සමාගම් 22ක් ඉඩම් හෙක්ටයාර් 401ක් බලෙන් අල්ලලා
වැවිලි සමාගම් 22කින් ඉකුත් වසර පහක කාලය තුල දි (2021-2025) අනවසරයෙන් ඉඩම් හෙක්ටයාර් 401.74ක් අත්පත්කර ගෙන ඇති වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
මෙම කාලය තුල දි අනවසර ඉඩම් අත්කර ගැනිමේ අවස්ථා 1,709ක් වාර්තා වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ තුල මතුරට,බලංගොඩ,නමුනුකුල හා අගලවත්ත යන වැවිලි සමාගම්වල අනවසර ඉඩම් අත්කරගැනිම් 100 ඉක්මවා වාර්තා වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම සපුගස්තැන්න හා කහවත්ත වැවිලි සමාගම්වල අනවසරයෙන් ඉඩම් අත්පත් කරගැනිමේ අවස්ථා 300 ඉක්මවා වාර්තා වි තිබුණි. වැවිලි සමාගම් 22ක් යටතේ පවතින නිල නිවාස අනවසරයෙන් අත්කරගැනිම් 380ක් වාර්තා වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි ඉඩම් බදුපදනම මත ලබාගත් වැවිලි සමාගම්වල වතු කළමණාකාරිත්වය හා අමාත්‍යංශයේ දුර්වලතා හේතුවෙන් අනවසරයෙන් ඉඩම්අතපත්කරගත් පුද්ගලයින්ට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
