saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 0 hours ago

LATEST

ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

calendar_today 2026 අප්‍රේ 29 - 15:00 remove_red_eye - 93  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුලු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා අද (29) පිළිගත් බව නිවේදනයක් නිකුත් කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

ලංකාවේ පළමු වරට සී 4, සී 5 කුරුඳු වර්ග දෙකෙහි කිලෝවක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා ගිය බව සමස්ත ලංකා කුරුඳු සංගමය කියයි.මේ වනවිට එම කුරුඳු වර්ග දෙකේම කිලෝවක මිල මේ වන විට රුපියල් 5300 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් ප්‍රියන්ත විජේවිකම මහතා කීය.

Read More

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට එරෙහිව අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලීසිය ඉදිරිපිටදී පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් (28) වෙනිදා සිට උපවාසයක නිරත විය.

Read More

ඒ 2026 වර්ශයේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයට ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමට අනුවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් සිය ඉල්ලා අස්වීම ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා වෙත යොමුකර ඇති බවයි.

Read More

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විශේෂ කාරක සභාව හමුවට

Read More

ප්‍රීමා තිරිඟු පිටි මිල අද (29) සිට කිලෝ ග්‍රෑමයකට රු. 5කින් ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර කිලෝවක නව මිල රු. 225ක් වෙයි.

Read More

2026 වර්ශයේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයට ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්ථා වෙයි.

Read More

මාලදිවයින් ජනපති ආචාර්ය මොහොමඩ් මුයිස් මහතා තෙදින නිල සංචාරයක් ස ඳ හා ලබන 03 දා දිවයිනට පැමිණීමට නියමිතය. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අවබෝධතා ගිසුම් 6කට අත්සන් කිරිමට නියමිත අතර මෙරට ඉහළ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව ලබන 05 දා සිය සංචාරය නිම කිරීමට නියමිතය.

Read More

හැකර් කතාත් කරලා කියලා අත්සනත් ගස්සගෙන හොරා කාලා -නාමල් රාජපක්ෂ

Read More

යාලේ වනජීවී කාර්යාලය අසලම ගංජා හේන් 07ක් අල්ලයි.වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට වනජීවියෙන් බාධා.

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

’’තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවා ඇති ඩොලර් ලක්ෂ 6 ක් ගැන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙනවා. යූ එස් පෝස්ට් එකට මුදල් නොලැබුණ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එය කෙසේද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණ සිදුකරගෙන යනවා. ආයතනයක් තුළ යම් දෝෂයක් තිබෙනවා නම් පරීක්ෂණ කරගෙන යනවා.’’

Read More

මලයගම් ජනතාවගේ මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය නුවරඑලිය සිනෙසිටා ක්‍රීඩාංගණයෙදි 05/01 දින ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් සී.එම්.ඒ. ප්‍රේමරත්න මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවය,පළාත් රාජ්‍ය සේවය,රාජ්‍ය සංස්ථා,ව්‍යස්ථාපිත මණ්ඩල හා අයතනවල සේවය සඳහා තාවකාලික,අනියම්(දෛනික), ආදේශක , කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන,2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථිර පත්විම ලබා දීමට ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලදි.

Read More

දඹුල්ල සංවර්ධන මහා සැලැස්ම අනුව දඹුල්ල රෝහල වර්තමානයේ පිහිටි ඉඩම ආර්ථික සංවර්ධන අරමුණු සඳහා යොදා ගත හැකි වන අයුරින් එම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට නියමිතය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, යකල්ල - ගල්කුලම් මාර්ගයේ පිහිටි පෞද්ගලික ධාන්‍ය ගබඩාවකට වන අලි සිව්දෙනෙකු කඩා වැදී එහි ගබඩා කර තිබූ වී සහ බඩඉරිඟු තොගයකට විශාල ලෙස හානි සිදුකර තිබේ.

Read More

ගුවන්තොටුපලේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව කටයුතු කරන බවත් ඒ සම්බන්දයෙන් නීතියානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගැනීමට කටයුතු කරන බවත් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහව දී පැවසීය.

Read More

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාලස් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත (28) දින ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරය මහතා පැවසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද හා දකුණ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජීව අත්බෝම්බයක් හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානය.

Read More

මැගසින් බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙක් හා බන්ධනාගාර නියාමකවරයෙක් අතර ඇතිවූ අරාවුලක් හේතුවෙන් තිදෙනාම තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රැඳවියෙක් මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් මූලික විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ගිනිඅවියක් අතැතිව යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවකට තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මන්ත්‍රීවරයාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read More

එක්සත් ජනපදයේ ඉල්ලීම් ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා අසාර්ථක වීමට හේතු වී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. සිය රුසියා සංචාරය ආරම්භ කරමින් එරටට ළඟාවීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසිය.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ මාසික් සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න (ජාතික ජන බලවේගයේ) මහතාගේ ප්‍රධානත්වයෙන් (27) දින එම නගර සභාවේ රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

Read More

ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යාල රක්ෂිතයේ පත්ත්වාගෙන ගිය රුපියල් කෝටි දෙකහමාරකට වඩා වටිනා ගංජා වගාවක් හා තුවක්කුවක් සමග සැකකරුවන් දෙදෙනෙකු තණමල්විල පොලිස් නිළධාරින් හා ගුවන් හමුදා නිලධාරින් විසින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ඉරානය අතර දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා වන සැලසුම් නැවතත් ඇණහිටීමෙන් පසු සඳුදා උදෑසන ආසියාවේ තෙල් මිල ඉහළ ගියේය.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් අක්කර පන්සියයක තෘණ බිමක් ඇති කළ යුතු යැයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා පැවසීය.

Read More

සෙනසුරාදා රාත්‍රියේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවති හෝටලය තුළ වෙඩි තැබිමට සම්බන්ධ පුද්ගලයා සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක අංශ මාධ්‍ය වෙත අණාවරණයක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.