කෝටි 11ක කොකේන් සමග ස්පාඤ්ඤ ජාතිකයෙක් අල්ලයි
රුපියල් කෝටි එකොළහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු 07/24 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 79 හැවිරිදි වියේ පසුවන ස්පාඤ්ඤ ජාතිකයෙකු වන අතර එරට කෘෂි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි .
ඔහු මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවරින් ගමන් අරභා , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසු එතැන් සිට 07/22 දින පස්වරු 04.30 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහෙත් ඔහුගේ ගමන් මල්ල එම ගුවන් යානයෙන් රැගෙන පැමිණ නොතිබුණු අතර , එය 07/24 දින පස්වරුවේ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
එම ගමන් මල්ල ලබා ගැනීම සදහා , මෙම ස්පාඤ්ඤ ජාතිකයා 07/24 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එය රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙසේ අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි . මෙම ගමන් මල්ල තුළ , විශේෂයෙන් සකස් කර තිබූ සහතික පත් රැගෙන යාමට සූදානම් කර ඇති " ෆයිල් " කවර දෙකක් තුළ , සූක්ෂම ලෙස සගවා ,
මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 200 ක ප්‍රමාණය අසුරා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා , මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
