පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක්
ශ්‍රිලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ තනතුරු 97ක් සහ අමාත්‍යංශ දෙපාර්තමේන්තු, කොමිෂන්සභා 113ක ශ්‍රිලංකා පරිපාලන සේවයේ 11 හා 111 ශ්‍රේණිවල තනතුරු 435ක් පුරප්පාඩුව පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම දිස්ත්‍රික්ක 24ක ප්‍රා දේශිය ලේකම් කාර්යාල 90ක සහකාර ප්‍රා දේශිය ලේකම් තනතුරු 90ක් සහ පළාත් සභා 09ක 1 හා 11 ශ්‍රේණිවල තනතුරු 253ක් පුරප්පාඩුව පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. කම්කරු අමාත්‍යංශයේ හා ඉඩම්හිමිකම් නිරවුල් කිරිමේ දෙපාර්තමෙන්තුවේ පමණක් පිළිවෙළින් තනතුරු 41ක් හා 70ක් පුරප්පාඩුව පැවතුණි.
පරිපාලන සේවා නිලධාරින්ගේ පවතින පුරප්පාඩු හේතුවෙන් ශ්‍රිලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ ප්‍රා දේශිය ලේකම් තනතුරු 76ක අමාත්‍යංශ දෙපාර්තමේන්තු 32ක පූර්ණකාලිනාව වැඩබැලිම සදහා ශ්‍රිලංකා පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරින් පත්කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
