saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6424 hours ago

LATEST

කරුවලගස්වැවට ආපු එන්නත් MOH පිටස්තර පිරිසකට දෙන්න හදලා?

calendar_today 2021 සැප් 10 - 19:33 remove_red_eye - 527  

කරුවලගස්වැව අලුත්ගම දුටුගැමුණු මහා විද්‍යාලයේ ඊයේ (9දා) පැවති කොරෝනා එන්නත් ලබා දීමේ අවස්ථාවේදි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා පිටස්තර පිරිසකට එන්නත් ලබා දීමට සුදානම් වු අවස්ථාවේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම්වරයා දැඩි ලෙස ඒ සදහා විරෝධය පෑමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇති බව කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන පැහැරගත් මගී ගුවන් යානා යොදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට වසර 20කි

Read More

බස්නාහිර පළාතේ ජාතික මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කිරිමට මේ වන විට සැලසුම් සකස් කර අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වි​ය.

Read More

අවිධිමත් ලෙස සිදුවු වෛද්‍ය පරිපාලනය සම්බන්ධ සේවා ව්‍යවස්ථාවේ සංශෝධනය නිවරැදි කිරිම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අනුමැතිය ලබාගත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරිම වෙනුවට එහි නීතිමය බාධාවක් ගැන සෙවිමට නිති අංශයට යොමු කිරිම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Read More

’’දකුනු අප්‍රිකා කණ්ඩායමේ වැඩිපුරම අත්දැකීම් තියෙන දෙන්නම වමතින් පිත්ත හසුරුවන අය.ඉතින් ඩිකොක් දවාගන්න මම හිතනවා අපිට ඉන්න හොදම ඔප්ශන් එකක් තමයි රමේෂ් මෙන්ඩිස් ’’

Read More

බේරුවලට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබෘ නොහොත් බොබ්මාලි සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15දා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

Read More

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය යළිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් සේවා 09/10 දින සවස සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ .

Read More

බන්ධනාගාර තුළ සිට සිදුවන දුෂිත ක්‍රියාකාරකම් මැඩලිම සඳහා බන්ධනාගාරය තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන් භාරයේ තිබු ජංගම දුරකථන 5000ට අධික ප්‍රමාණයක් සහ බැටරි 10,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 වනදා සිය ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කර සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණයෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට සහයෝග දැක්වීම නිසා නගර සභා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 130 දෙනෙකු ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතාගෙන් කල විමසිමකදි පැවැසිය

Read More

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා .... ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර ... පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය ... රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත...

Read More

කැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී අඹු සැමි යුවලකගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවක් පැවතිය ද දැනට ඇති තත්ත්වය පිළිබද සෑහීමකට පත්වීමට බැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

Read More

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින පහකට පසු නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි ඊයේ දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවට වාර්තා වෙයි.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන අතර, අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන් පිළිබද පරීක්ෂණ හා නීතිමය කටයුතු කිසිදු අඩුවකින් තොරව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

Read More

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් තිබේ. පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී“ මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

’ඔබ කෙළින් කතාකරන, සෘජු තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙකු නම් ඔබට සිදුවනුයේ සමාජය තුළ තනිව ජීවත්වීමටය. එසේත් නොමැති නම් බොහෝ පිරිසකගේ නොමනා බළපෑම් වලට යටත්වීමටය. මන්ද මේ සමාජය තුළ සත්‍යයට සාපේක්ෂව වැඩි ඉඩක් ලැබී ඇත්තේ බොරුවට සහ ගරු රඟපෑම් වලට වන නිසාය..’

Read More

කොවිඩ් තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Read More

අද (10) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (10) පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරය සදහා අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.