covid වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාදය (Depression), කාන්සාව (Anxiety) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වු පිරිසගේ විශාල වැඩි වීමක් දක්නට ලැබුන බවත් මානසික රෝගි තත්වය උග්‍ර අතට හැරෙන තුරුම බොහොමයක් දෙනා එය නොදන්නා බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා(12) පැවසීය.
පසුගිය 2021 වර්ෂයේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිස්සි ඇමතුම් අංශයට ඇමතුම් 26889 ලැබී ඇති අතර ඒ පිළබඳව කළ විමසීමේදී වෛද්‍යවරයා මෙසේ පැවසීය.
2020 වර්ෂයේද එම උපකාරක අංශයට ඇමතුම් 28508 ලැබී ඇති අතර එදිනෙදා පුරුදු ජීවන රටාව වෙනස්වී මෙම තත්වය දැඩිව බලපෑ බව වෛද්‍යවරයා පැවසීය.
ගලා ආ ඇමතුම් වල ප්‍රධානව පැවති කරුණු අතර ගෘහස්ථ හිංසනයට ලක්වීම නිසාඇතිවන පීඩනය,සියදිවි නසා ගැනීමට සිත්දෙන මානසික අවපීඩනය දක්නට ලැබුන බව වෛද්‍යවරයා පැවසීය.
කොරෝනා සංචරණ සීමා කාලයේදියි බොහොමයක් පවුල් සාමාජිකයන් නිවසටම සීමා වීමවාසි අවාසි ඇතිකල තත්වයක් බව පෙන්වා දෙන ඒ මහතා පවුල් සංස්ථාව තුල ඇතිවන මතභෙද ඉතා අසහනකකාරි තතිවයකට මග පෑදු බව පැවසීය.
රැකියා අහිමිවීම, ව්‍යාපාර කඩාවැටීම නිවස තුළ වෙනදාට වඩා කාර්යබහුල වීම, නුරුස්සනා ස්වභාවය මෙන්ම අන්තර්ජාලයේ වැඩි වශයෙන් කිසිදු සීමාවක් නැතිව සැරි සැරීම මෙම විශාදයට ප්‍රභල හේතු ඇතිකරවු බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිස්සි ඇමතුම් අංශයට ගලා ඇතැම් ඇමතුම් අතර දු දරුවන් ජංගම දුරකතන වලට ඇබ්බැහි වීමද දක්නට ලැබුණ බව වෛද්‍යවරයා පැවසීය.
ක්‍රිඩා කටයුතු බාහිර ක්‍රියාකාරකම් නොමැතිව නිවෙසටම කොටු වී ජීවත්වීමට සිදුවීම හේතුවෙන් ඇතැම් දරුවන් සහ වැඩිහිටියන් තුල කලකිරෙන සුලු තත්වයන් මෙන්ම කාන්සාව වැඩිවීමද දක්නව ලැබුන බව ඔහු පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා