මෙරට දැනට තිබෙන වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනපති විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව, පරිසර අමාත්‍යාංශයේ දී අද (12දා) පැවැති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන ගොවීන් වගේම තරුණ කොටස් යම් අධෛර්මත්වීමක් තිබෙනවා. අපේ රටේ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා රජය මැදිහත්ව ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
ඒ අනුව ආගමික ස්ථාන, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, රෝහල් හා පාසැල් ඇතුළු රාජ්‍ය අංශයේ ඉඩම්වල විශාල වශයෙන් වගා නොකළ ඉඩම් තිබෙනවා. එම ඉඩම් සියල්ලම ගෙවතු වගාවන් ආරම්භ කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් අරඹන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට නියමිතයි.මෙම ගෙවතුවල පලතුරු, එළවලු, මෙන්ම වනපියස වැඩි කිරීම සඳහා සහාය වන අරළු බුළු නෙල්ලි ඇතුළු ඖෂධ ශාක වගා කිරීමටත්, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි ඉඩම්වල මෙන්ම ඒ සඳහා යොදාගත හැකි ඉඩම්වල ආහාර භෝග වගා කිරීමටත් පියවර ගන්නවා.