saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6429 hours ago

LATEST

පැය 24ක් යන්නත් කලින් ’බොබ් මාලි’ අත්අඩංගුවට

calendar_today 2021 සැප් 09 - 13:18 remove_red_eye - 856  

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ‍

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියි.

Read More

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම සදහා අදත් හෙටත් විවෘතව පවතිනවා.

Read More

කෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.

Read More

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් පූර්න සෞඛ්‍යාරක්ෂිතව ඊයේ (08) සවස පැවති වයිරවර්ශාන්ති දේව මෙහෙය පැවත්වීමෙන් පසුව අවසන් වූ බවට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටියේය.

Read More

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

Read More

දෙහිවල සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට යොමුකර ඇත.

Read More

පාර්ලිමේන්තුවේ සිටින අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ට වුවුද තමා වගා කළ ගොවිතැන් වලින් කොටසක් ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පවසයි.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හරක් කටාගේ සමීපතමයෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.

Read More

මෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අද (09) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.

Read More

පසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි බරපතළ තත්ත්වයේ පසුවු පුද්ගලයෙක් මාතර රෝහලට ඇතළත් කරනු ලැබිය.

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 637 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බීජිං, සැප්තැම්බර් 8 (ෂින්හුවා) - තලේබාන් සංවිධානය යටතේ පිහිටවූ අන්තර්වාර රජය හරහා ඇෆ්ගනිස්තාන ජනතාවට මිලියන ගණනාවක් වටිනා සැපයුම් ලබාදීමට චීනය සූදානම් වෙයි. ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ ඇමතිවරුන්ගේ පළමු රැස්වීමට බදාදා දිනයේදී බීජිංහිදී එක්වෙමින් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව පැවැසීය.

Read More

උසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’’ෂහදා’’ යන වචනය භාවිත කරමින් ඔහු කියා සිටියේ, ’’මට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැහැ. මොහොමඩ් ඔහුගේ සේවකයා බවට මට සාක්ෂි දීමට අවශ්‍යයි.’’ යනුවෙනි.

Read More

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදි ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 140 දෙනෙකු අයත්.

Read More

SARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව විශේෂඥ මතයයි.

Read More

කොට්ඨාස ක‍්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක‍්‍රමයක් සකස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් කියා සිටී.

Read More

ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් පවසයි.

Read More

ලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් තුළදී වීම සැලකිය යුතු තත්ත්වයකි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

Read More

දඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසයි.

Read More

පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.