කොවිඩ් නීතිවලට සමච්චල් කළොත් වසර දෙකක් හිරේ
නීතිරීතිවලට සමච්චල් කරන ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයේ පළවීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි කොවිඩ්-19 විරෝධී ක්‍රියාමාර්ග විහිළුවට ලක්කරන පුද්ගලයින් සිරගත කරන බවට අනතුරු අඟවා තිබේ.
වසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව ෆෙඩරල් නඩු පවරන්නන් පැවසීය.
මෙම අනතුරු ඇඟවීමෙන් පසුව "මෑතකාලීන ඡායාරූප සහ වීඩියෝ සංසරණ මගින් සමාජ මාධ්‍යවල කොවිඩ්-19 පූර්වාරක්ෂාව උපහාසයට ලක් කරන අදහස් සහ ගීත එකතු කිරීමත්, එම පූර්වාරක්ෂක පියවර නොසලකා හරින ලෙස සෙසු අයගෙන් ඉල්ලා සිටීමත් සිදු නොකරන්න" යනුවෙන් ෆෙඩරල් හදිසි අර්බුද සහ ආපදා නඩු පවරන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



popular news
-
dilum Wednesday, 12 January 2022 06:05 AM
ehemanm mulinma hire yanna wenne thondage malagedara giya ayata.. eeta passe janadipathitai hamudapathitai boru wartha pennuwata..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

