ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නාරාහේන්පිට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජපානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව විශේෂිත නිපුණතා සහිත රැකියා වැඩසටහන සහ තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට සහ
ශ්‍රී ලංකාවට හෙද සාත්තු සේවා සඳහා වැඩි වශයෙන් පවතින ඉල්ලුමට ප්‍රමාණවත් සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් මෙම වසර තුළ සූදානම් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.